Thursday, June 30, 2011

සුන්දරයි ඈ යෞවනේ -Sundarai e youwane

කටහඩ -සුන්දර වූ අතීතය විචිත්‍රවත් කල, යෞවනයේ සොඳුරුතම සිහිනය වූ ඇය, වර්තමානය ඔහු ඈ කෙරෙන් ඈත් කර ඇත. 

සුන්දරයි ඈ යෞවනේ....
දෙවඟනයි ඈ ප්‍රේමයේ....
මහද මැදුරේ ජීවයයි ඈ වෙන අයකු නැතුවා....
ඔබේ දිවියේ රැජිනියයි ඈ මා ද පෙම් කෙරුවා....

කටහඩ -මිලාන වූ හිරු තිමිරයෙන් වැසී යද්දී, නැගී ආ පහන් තාරකාවන් ඇයට වෙන මං නොකීවානම්, සොඳුරු දිවියක නැවුම් උණුසුම යථාර්තයක්                    වන්නට ඉඩතිබුනි. 

සයුර ඉම කෙළවරේ...
හිරු ගිලෙන යාමයේ...
දැවෙන සන්තාපයෙන්...
මුවඟ රැඳි මීවිතෙන්...
වියැකී ගියේ....ජීවය මගේ.......

සුන්දරයි ඈ යෞවනේ....
දෙවඟනයි ඈ ප්‍රේමයේ....
මහද මැදුරේ ජීවයයි ඈ වෙන අයකු නැතුවා....
ඔබේ දිවියේ රැජිනියයි ඈ මා ද පෙම් කෙරුවා....
‍්
සයුර ඉම කෙලවරේ....
සඳු නැගෙන යාමයේ....
දුටිමි ඇය නෙතු අගින්....
අහිමි කුමරිය ලෙසින්...
බොඳවී ගියේ.... සිහිනය මගේ..........

කටහඩ - ඒ සොඳුරුතම සිහිනයේ මිහිරිතම මතකයන්, අතීතය වර්තමානය සහ අනාගතය යන තුන් කල්හී, ඔහු සමඟ රැඳෙනු ඇත.

No comments:

Post a Comment