ඇරඹුමම කදුලක් වෙලා - Erabumama KAdula wela

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...//

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා...//
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈගියා...

ඇරඹුමම කදුලක් වෙලා...//

ශෝකාන්තය එන තුරා
එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...//
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

ඇරඹුමම කදුලක් වෙලා...//





No comments :

Post a Comment