ලබැදියේ - Labadiye

ඔබ එන්න සුලගේ දැවටිලා - මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හන්ස තටුවේ සැතපාලා - පෙම් කරමු රහසේ සැගවිලා
ලබැදියේ ලබැදියේ - මාසිතින් සිර කලා
ලබැදියේ ලබැදියේ  - මාසිතින් වෙන් කලා                 

නා දල්ල වාගේ දිදුලනා - මුතු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා - මට ඉන්න ඇත්නම් තනිවෙලා
ලබැදියේ ලබැදියේ - මාසිතින් සිර කලා
ලබැදියේ ලබැදියේ  - මාසිතින් පෙම් කලා                  

කිරි කවඩි මාලේ මා ගොතා -  ඔය ගෙලේ පලදා හැඩබලා
මා වින්ද සතුටේ නිම් සොයා - ඔබ යන්න සුලගේ අප දමා
 ලබැදියේ ලබැදියේ - මාසිතින් සිර කලා
ලබැදියේ ලබැදියේ  - මාසිතින් පෙම් කලා       හා............හා....

No comments :

Post a Comment