Saturday, June 25, 2011

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි - Me ira hada yata hamuwee

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

වැව් ඉවුරේ දිය රැළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබෙ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මර්වින් පෙරේරා
ප්‍රේමකීර්ති ද අල්විස්
මර්වින් පෙරේරා  
 

No comments:

Post a Comment