Friday, June 24, 2011

නෙතු සැලුනා - Nethu saluna

නෙතු සැලුනා කඳුලින් දැස තෙමී
ඔබ සිටියා කවුළුව ළඟටම වී
මඟතොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී

හුම්මානේ අප හමුවී
සන්තානේ තව රිදුනි
පෙරමඟ මා අද නැවතී
යලි එය සිහිකරමී 

මුවැත්තියක් ගුරුගෙට ආවා
හන්තානත් ඉඟිඹිඟි පෑවා
මල්පාරත් මට අත වැනුවා
සුන්දරවූ සැන්දැ ගෙවුනා

දුක සංකා නිවුනී
අප දෑතම බැඳුනී
මා ආදරේ ඔබටමයි

වස්සානේ මහවැසි වැටුණා
දෙසුම්හලේ පාලුව දනුනා
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා
සඳ නැතිවම සැන්දෑ ගෙවුණා

මැයි මල් පිපෙන තුරා
මහවැලි ගලන තුරා
මා නෙත් පියෙන තුරා

මා ආදරේ නුබටමයි
------------------------------------------------------------
ගායනය - රෝමේශ් /ලක්ෂාන්
සංගීතය - රෝමේශ්
ගී පද - බන්දුල මුදන්නායක

No comments:

Post a Comment