සුවද දැනි දැනී ‍දැනෙනවා - Suwada dani dani danenawa

ගීතයේ තේමාව - Title Of the Song


සුවද දැනි දැනී ‍දැනෙනවා 
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්
සුවද දැනි දැනී ‍දැනෙනවා 

ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම් 
සුවද දැනි දැනී ‍දැනෙනවා

රෑන රෑන එන පාට පාට සමනළයෝ 
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ
‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනි දැනී ‍දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්
සුවද දැනි දැනී ‍දැනෙනවා 

කමල් අද්දරආරච්චි හා සංගීතා වීරරත්න ප්‍රධාන චරිත නිරූපනය කල සප්ත කන්‍යා චිත්‍රපටයේ පසුබිම් ගීතයක් වන මෙය අජන්තා රණසිංහයන්ගේ නිර්මාණයකි. ඒම චිත්‍රපටය 1993 තිරගත වූ අතර එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ අධීක්ෂණයකි
පද රචනය : අජන්තා රණසිංහ
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : රුකාන්ත ගුණතිලක
වෙනත් : සප්ත කන්‍යා චිත්‍රපටයේ පසුබිම් ගීතයකි
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.





Comments

Post a Comment