පාලොස්වක සඳ පායනු වැන්නේ - Paaloswaka sada payanu wanne

පිරිමි - පාලොස්වක සඳ පායනු වැන්නේ
           සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
           සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
           පුරුවේ කල පින් අපිට කොයින්දා
           පුරුවේ කල පින් අපිට කොයින්දා

ගැහැනු - සැතපෙන නින්දෙදි 
               රෑ තුන්යම සීන හතක් පෙනුනා
               සඳ කිදුරෙකු ලෙසිනා
               එම සද නුබේ රුව නෙත ඇදුනා

පිරිමි - සිවුමැලි වත දකිනා මා
           නෙත ආල මතින් බැදුනා
           මියුරු තෙපුල් නගනා
           සවනත බිගු ගී රැවු නගනා
           සවනත බිගු ගී රැවු නගනා

ගැහැනු - කියාගන්න බැරුවා 
              හිතුදේ තොල් අතරේ රැදුනා
              මනාපදෝ මන්දා 
              මා සිත ආදර මල් පිපුනා

පිරිමි - තුන්හිරි ගෙලට ලදේ 
           රිදියෙන් මාල පොටක් දෙන්නා
           එරබදු මල් මාසේ නැකතට කැන්දාගෙන යන්නා
           නැකතට කැන්දාගෙන යන්නා

පිරිමි - පාලොස්වක සඳ පායනු වැන්නේ
           සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
           සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
           පුරුවේ කල පින් අපිට කොයින්දා
           පුරුවේ කල පින් අපිට කොයින්දා
--------------------------------------------------------------------

No comments :

Post a Comment