ආලෙන් වෙලා ගන්න කොලම් කලා - Alen wela gann kolam kala

ගැ- ආලෙන් වෙලා ගන්න කොලම් කලා
     හිත ආලෙන් මුදා ගන්න මායම් කලා

පි- මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
     ඔබ සායම් මකා ගන්න වැයම් කලා


පි- මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
     ඔබ කලා යෝජනා වලට චෝදනා

ගැ- මම මෑතින් ඉදන් වින්ද පෙම් වෙදනා
      ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා නාඩනා


පි- පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
     පාලුයි වගේ නැද්ද තාමත් හිතේ

ගැ- වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
      අපේ ආදරේ භාවනාවක් වගේ



ගැ- ආලෙන් වෙලා ගන්න කොලම් කලා
      හිත ආලෙන් මුදා ගන්න මායම් කලා

පි- මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
     ඔබ සායම් මකා ගන්න වැයම් කලා

-------------------------------
හිරැ FM අනුත්තරා නාට්‍යයයේ ගීතයකි.
-------------------------------

No comments :

Post a Comment