අවු කන්නාඩියෙන් බලන්නට තරම් - aw kannadiyen dalannata tharam

අවු කන්නාඩියෙන් බලන්නට තරම්
මේ ගිම්හානය තියෙන්නෙ නෑ
වැස්සක ලකුනු අරන්
වැහි මේඝයක් දැනටමත් අවිල්ලා
ඇහුනාද චාරු දේහිනී ජීවිතය
හිතන තරම් සුන්දරත් නෑ
අවු කන්නාඩියෙන්
පෙනෙන තරම් ලස්සනත් නෑ

කෙටි සාය ඇදන්
සුපුල් වටල රැගුම්
බැලුවාට මත් බිගුන්
ඇහුනාද චාරු දේහිනී ආදරය
හදුනන සොදුරු හිතක්
හොයාගන්න හිතුවට ලේසි නෑ

ගිරා බස්ම දොඩන
නුබ ලගට ඇවිත්
තියා යාවි උකුළුවට සිහින පැසක්
ඇහුනාද චාරු දේහිනී ජීවිතය

හදුනන සොදුරු හිතක්
හොයාගන්න හිතුවට ලේසි නෑ
-------------------------------

No comments :

Post a Comment