කවිය ඔබ - Kaviya Oba

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ කවිය ඔබ

පද එකින් එක ලියලා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලිය කවි කියවා
මං අසරණව උන්නා
යෞවනේ තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකි ගසා හැඩුවා

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ කවිය ඔබ

හොර ඇහින් ඉගි කරලා
සද මගෙන් සමු ගත්තා
කවිපොතම පොඩි කරදා
නිදියන්න මට හිතුනා
යෞවනේ අත ලහින් හිදිනා මොහොතක
දුර ඈත බව සිතුනා

කවිය ඔබ
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ කවිය ඔබ 
------------------------------

No comments :

Post a Comment