ලංකා ලංකා පෙම්බර ලංකා - Lanka Lanka pembara Lanka

ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දීයේ - සුරකිමු ඔබ ලංකා

බලි තරු රාවන ගැමුනු විජයබා - නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු - පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරකුම් කිවිසුරු - කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට - සීත ගඟුලි ලංකා

ඔබ හට අත පොවනට උන් මුන් හට - ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු - මුහුද හොවමු ලංකා
ගොඩදිය අහසේ හැම තැන ඔබගේ - නම කියවමු ලංකා
අවසන ඔබ හට පොහොරට මේ කය - මෙහිම හොවමු ලංකා

-------------------------------------------------
ගායනය/සංගීතය සුනිල් ශාන්ත
ගී පද අරිසෙන් අහුබුදු
------------------------------------------------
මේ සිංදුව අහන්න මෙතනට යන්න

4 comments :

  1. බලි තරු රාවන ගැමුනු විජයබා - නිරිඳුන් ලද ලංකා

    ReplyDelete
    Replies
    1. එ් රජවරු හිටියා.දැන් සැපද?

      Delete
  2. ‍‍මෙම ගීයේ වැරැදි තැන් කිහිපකයක් ඇත. එ සේ ම කොටස් දෙකක් අඩු ය. නිවැරැදි ගීය සදහා ahubudu.blogspot.com බලන්න.

    ReplyDelete
  3. nice site, thanks for sharing this lyrics
    don't forget to visit this awesome site : http://ezlyrics.us

    EZLyrics

    ReplyDelete