මා එක්කලා අමනාප වී දඹර


---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර

වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා

හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
හද මාමා අත ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු

මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර----------------------------------------------------------------------------------------------------------
පද රචනය -
සංගීතය     -
ගායනය     -
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------
මේකත් කවුද කින්ද මන්ද කියන්න බෑ ....
හැමදාම වැඩකරල මහන්සිවෙලා ගෙදර එන මේ පුද්ගලයට සිය බිරදගෙන් ලැබුනෙ පුදුම ආදරයක්..... මෑනුත් එහෙමයි ඉතින් ආයේ උතුම් ආදරේ... බිරිද මෙයා එනකොටම ඉස්සරහට එනවා.. බෑග් එක ගන්නව... තේ එකක් ගෙනත් දෙනව.... නිවාඩු දවස්වල දෙන්න එකතුවෙලා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ... ඉතිං මෙහෙම කාලයක් ගියා කියමුකෝ....

ටික කාලයක් යනකො මෑන්ට තේරුනා ගෑනිගෙ වෙනසක්.... ඒත් තේරුම් ගන්න බෑ... දැන් ඔන්න රණ්ඩු ඒත් මිනිහට ඇයි මේ හේතුව කියල කොහොමවත් තේරෙන්නෑ.... තේ නෑ... ඉස්සරහට එන්නෑ... කියන්න ඕන නෑනේ ඉතින් මෑන්සට මේ වෙනස තේරෙනව මොනවහරි අවුලක් කියල....

පස්සෙ ටිකක් විමසිල්ලෙන් ඉන්න පටන්ගත්ත මොකද්ද මේ වෙන්නෙ කියල.... මෙන්න මෑන් ගෙදර සාලෙ වාඩිවෙලා පත්තරේ බලනව. හැබැයි බලනව නෙමෙයි බිරිද ගැන විමසිල්ලෙන් ඉන්නෙ...
බිරිද ඉදලත් අරගෙන මිදුලට ආව .... දැන් අතුගානව.....
හුටා.... මෙන්න අල්ලපු ගෙදර මිනිහ ඇවිදන් ඇහැ දානව මෑන්ස්ගෙ බිරිදට.... ගෑණිත් හිනාවෙනව, හොරෙන් බලනව.... මෑන් සද්ද නැතිව හිටිය මොනවත් කිව්වෙ නෑ.... ගියා කාමරයට ගත්ත කොලයක් මෙහෙම ලිව්වලු
ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ
---

ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ .............
මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ ............

මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා ............
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා...........


ඉතින් මෙන්න මෑන් රන්ඩු කලේ නෑ ගේ දාල ගියා හොදටම බොනව ඉදල හිටල තමා ගෙදර එන්නෙ... ඒ එන්නෙත් දුව බලල යන්න... දැන් ගෑනිටත් වැඩේ තේරුණා මිනිහට බඩු ආරන්චිවෙලා කියල.... ඒත් මොනව කරන්නද මිනිහ එන්නෙ නෑ. 
ඒක නෙමෙයි ප්රවශ්ණෙ දුව... දුව තාත්තට හරිම ලෙංගතුයි... දුවට සාංකාව වගේ... වෙනද වගේ ඇක්ටිව් නෑ... ගේටුටව ලගමයි තාත්ත එයි කියලා... සෙල්ලම් කරන්නෙත් නෑත.... ඉතින් මේ සිද්ධිය මූලික කරගෙන හැදුනා ගීතයක්...                                                                                    (කතාව     sasliit  - Elakiri.com)

1 comment :

  1. මෙන්න download link එක

    http://www.combuwa.com/Music/tag/ma-ekkala-amanapawa-malani-mp3-free-download/

    ReplyDelete