Thursday, May 10, 2012

සද කැන් වැසිලා අදුරේ එතිලා

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
සද කැන් වැසිලා අදුරේ එතිලා
ගනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගනදුරු තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

සද කැන් වැසිලා අදුරේ එතිලා
ගනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගනදුරු තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි

මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මේලොව යම් දවසක අපි වෙන් වෙමු
රහස් අහස් තලයට පවරා

සද කැන් වැසිලා අදුරේ එතිලා
ගනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගනදුරු තරු නිවලා
මගේ එලිය අද ඔබ පමණි

----------------------------------------------------------------------------------------------------------
පද රචනය -
සංගීතය     -
ගායනය     -වික්ටර් රත්නායක
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------
මේකත් කවුද කින්ද මන්ද කියන්න බෑ ....
හැමදාම වැඩකරල මහන්සිවෙලා ගෙදර එන මේ පුද්ගලයට සිය බිරදගෙන් ලැබුනෙ පුදුම ආදරයක්..... මෑනුත් එහෙමයි ඉතින් ආයේ උතුම් ආදරේ... බිරිද මෙයා එනකොටම ඉස්සරහට එනවා.. බෑග් එක ගන්නව... තේ එකක් ගෙනත් දෙනව.... නිවාඩු දවස්වල දෙන්න එකතුවෙලා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ... ඉතිං මෙහෙම කාලයක් ගියා කියමුකෝ....

ටික කාලයක් යනකො මෑන්ට තේරුනා ගෑනිගෙ වෙනසක්.... ඒත් තේරුම් ගන්න බෑ... දැන් ඔන්න රණ්ඩු ඒත් මිනිහට ඇයි මේ හේතුව කියල කොහොමවත් තේරෙන්නෑ.... තේ නෑ... ඉස්සරහට එන්නෑ... කියන්න ඕන නෑනේ ඉතින් මෑන්සට මේ වෙනස තේරෙනව මොනවහරි අවුලක් කියල....

පස්සෙ ටිකක් විමසිල්ලෙන් ඉන්න පටන්ගත්ත මොකද්ද මේ වෙන්නෙ කියල.... මෙන්න මෑන් ගෙදර සාලෙ වාඩිවෙලා පත්තරේ බලනව. හැබැයි බලනව නෙමෙයි බිරිද ගැන විමසිල්ලෙන් ඉන්නෙ...
බිරිද ඉදලත් අරගෙන මිදුලට ආව .... දැන් අතුගානව.....
හුටා.... මෙන්න අල්ලපු ගෙදර මිනිහ ඇවිදන් ඇහැ දානව මෑන්ස්ගෙ බිරිදට.... ගෑණිත් හිනාවෙනව, හොරෙන් බලනව.... මෑන් සද්ද නැතිව හිටිය මොනවත් කිව්වෙ නෑ.... ගියා කාමරයට ගත්ත කොලයක් මෙහෙම ලිව්වලු
ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ
---

ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ .............
මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ ............

මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා ............
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා........... 
(කතාව     sasliit  - Elakiri.com)

3 comments:

  1. me geethaya gayana karanne Visarada Victor Rathnayaka

    ReplyDelete
  2. http://www.youtube.com/watch?v=bEpodgUZ_Sk

    ReplyDelete
  3. බොරු කියන්න එපා යකෝ. ඕක මහ රෑ වෙච්ච සීන් එකක් උනේ ඕකේ පද රචකයාටමයි. ප්‍රේම කීර්ති ද අල්විස් තමා ඒ. මිනිහ ගුවන් විදුලියේ වැඩ කලේ. හැමදාම රෑ ජාමයක් වෙලා එන මිනිහා එදා 9ට විතර ගෙදර එනවා. ටිකක් ගේ ලගට එණකොට මිනිහට පේනවා තමන් නිදන කාමරය ඇතුලේ හෙවනැලි. මිනිහා ටිකක් ලන්වෙලා ජනේලයෙන් ඇතුල බලනවා. එතකොට අල්ලපු ගෙදර මිනිහයි තමන්ගෙ ගෑනීයි ඇද උඩ. මිනිහා හෙන සයිලන්ස් බුවා. ගෑනිගේ සැප ඒක තම මොකටද බාධා කරන්නෙ කියලා වත්තේ කෙහෙල් ගහක් යටට වෙලා අරුන් දෙන්න වැඩේ ඉවර කරනකන් බලන් ඉන්නවා. අල්ලපු ගෙදර එකා ගිහින් පැයකට විතර පස්සේ ප්‍රේම කීර්ති ගෙදරට එනවා මොකුත්ම දන්නේ නෑ වගේ. ප්‍රේම කීර්ති මැරෙනකන්ම ඒක අහලා නෑ ගෑනිගෙන්. හැබැයි ඒක පිට කරන්න ඕන නිසා සිංදුවක් ලියලා වික්ටර් රත්නායක ට දෙනව. සිද්ධිය උනේ ප්‍රේම කීර්ති මීතොටමුල්ල ගෙදර ඉන්න කාලේ.......

    ReplyDelete