පෙම් කවක් ලියනවා මම ආයේ - Pem kawak liyanawa man aye

පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
හමුවේවි සිත මාගේ
හමුවේවි සිත මාගේ

අතු අගට මල් පළන්ඳා
මඟ බලනවදෝ මන්දා
මාවතේ සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා
ඔබ ඈත එන හින්දා

බඹරුන් කැකුලින් විමසූ
රහසක් කිසිවෙක් නොඇසූ
මා කවක් ලියා නැති නමකි ලියූ
ඒ ඔබේ හඬ මා සැනසූ
----------------------------------------
මේ සිනදුව අහන්න මෙතනට යන්න
----------------------------------------

No comments :

Post a Comment