සක්වළ එතෙරට ඇසෙනා - sakwala etherata esena

සක්වළ එතෙරට ඇසෙනා අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා කරවන එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා ගෙදර බුදුන් අම්මා

කල්පකාල දිග ගමන් තලාවේ ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කර පිට හිඳුවා මෙගොඩට පීනා සමුදුර තරණය කරලා
මවකගෙ මුවහින් විවරණ ලැබුවා බුදු හිමි බුදුබව පතලා

සුරංඟනාවන් පැල් බැඳ අහසේ දෝත් බුදුන් දී වැඳ වැටෙනා සඳ
රතු ලේ කිරි කල පින් මහිමයටයි අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවදට පරිභව කළ පුතු නිරයේමයි උපදින්නේ

---------------------------------------------------------
පද රචනය - උපාලි ධනවලවිතාන.
සංගීතය - සරත් දසනායක.
---------------------------------------------------------
උපුටා ගැනීම මූනු පොතේ සුදු පැංචිගේ පිටුවෙන්

No comments :

Post a Comment