මංගල මදු සමය


---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
මංගල මදු සමය පතා
කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනිකරදා
දියඹට යනවා...
කුස ගින්දර නිවා ගන්න
දියඹට යනවා...

හෝ... හෝ... හෝයියා...

රැල්ල බිඳින අඳෝනාව
ජීවන මලපොත කියවයි
නිම් නැති නිම් වළලු පෙලේ
සම්පත ඇය සැනසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුරු කොනේ තොටුපලේ...

හෝ... හෝ... හෝයියා...

අදුර බිඳින තාරකාව
කළු ලන්තෑරුම් එළියයි
ඔරුකද ඇතුලේ දැනුනේ
ඊයෙ ලද උණුසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුරු කොනේ තොටුපලේ...

හෝ... හෝ... හෝයියා...
----------------------------------------------------------------------------------------------------------
පද රචනය -  උපාලි ධනවලවිතාන
සංගීතය     -  සරත්ද අල්විස් 
ගායනය     -   
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------
මෙහෙමයි මේ ගීතය රචනා කරල තියෙන්නෙ උපාලි ධනවලවිතාන කියල රචකයෙක්. 1970 දශකෙ මැද භාගයේදි මේ රචකය සේවය කලේ වෙළද දැන්වීම් කරන ආයතනයක. ඉතින් ඒක නිසා නිතරම වගේ ගුවන් විදුලියට එනවලු. ඒ කාලෙදි දයාරත්න රණතුංග වැඩසටහන් අධ්‍යක්ෂක කෙනෙක් විදියට ගුවන් විදුලියේ සේවය කරල තියෙනවලු. ඉතින් මේ දෙන්න ගොඩාක් හිතවත් වෙලා. දවසක් මේ උපාලි කියන ගීත රචකය කිව්වලු එයාටත් ගුවන් විදුලියට ගීතයක් ලියන්න අවස්ථාවක් දෙන්න කියල.

ඉතින් දයාරත්න රණතුංග කිව්වලු හරි එහෙනම් ලියන්න කියල... ඒත් සති ගණන් ගියා මිනිහ ලියන පාටක් නෑ... පස්සෙ විමසුවම ඇයි කියල උපාලි කිව්වලු කිසිම නිමිත්තක් නෑ, මාතෘකාවක් නැතිව කොහොමද ලියන්නෙ කියල.... හොද අත්දැකීමක් ලැබුනොත් ලියන්න පුළුවන් කියල.... ඉතින් දෙන්න කරල තියෙන්නෙ අපි අපේ වටපිටාව ගැන බලමු කියල කතා කර කර ඔළුව හැරුණ අතේ වාහනෙන් යන්න පටන්ගත්ත ගීතයක් ලියන්න හොද අත්දැකීමක්, නිමිත්තක් හොයාගෙන..... මෙහෙම ගියපු මේ දෙන්න නතර උනේ බේරුවල මුහුදු තීරෙ... දැන් දෙන්න කතා කර කර ඈත සයුර දිහා බලාගෙන ඉන්නවලු.

මෙහෙම ඉන්නකොට මේ දෙන්නට පේනවළු වෙරළ දිගේ ඇවිදගෙන එන තරුණ යුවලක්. පිරිමියා මුහුදු රස්සාවට යන්න ආම්පන්න ටිකත් අරගෙන බිරිදත් එක්ක එනවා... දෙන්නම තරුණයි. අපේ ගී පද රචකයා දැන් මත් වෙලාවගේ මේ දර්ශණය දිහා බලාගෙන ඉන්නවලු. ඊට පස්සෙ බිරිදගෙ ඔළුව අතගාල ආම්පන්න ටිකත් අරගෙන මේ පිරිමිය ඔරුවෙ නැගල යන්න ගියාලු. බිරිදත් ටික වෙලාවක් බලාගෙන ඉදල හැරිල වෙරළ දිගේම යනවලු. හැබැයි ඇය තබන අඩි දෙක තුනකට වරක් අර ඈත යන ඔරුව දිහා බලනවලු. පස්සෙ දයාරත්න දෙසට හැරුණු උපාලි දැන් අපි යමු නේද කියල නැගිටල යන්න ගියාලු. පහුවෙනිද උදේ මෙන්න කොලයක් ගෙනත් දයාරත්නගෙ අත උඩින් තිබ්බ.

අළුත විවාහ වුනු යුවලක් කියන්නෙ කොච්චර සුන්දර, කොච්චර ප්‍රේමණිය දෙදෙනෙක්ද... ඒත් ප්‍රේමය, ආශාව කැපකරන්න සිදුවෙනව ආර්ථික ප්‍රශ්ණ හමුවේ.... එවිටදි දැනෙන හැගීම් මනාවට මෙහිදී මේ පද රචකයා විසින් මතුකරනව... ඒ විතරක් නෙමෙයි එක මොහොතක්වත් දුරස් වී ඉදීමට නොහැකි මේ දෙදෙනගේ මානසික තත්වයන් විවිධ ආකාරයට හිතන්න පුළුවන් ස්වාභාවයක් මේ ගීතයෙන් ජනිත කරනව.

තව දෙයක් මෙහි සංගීතය ගැනත් සදහනක් නොකලොත් එය ලොකුම අඩුවක් වෙනව හින්දුස්ථාන් රාගධාරී සංගීතයේ ධර්බාරි කතඩා කියන රාගය ඇසුරු කරගෙන තමා සරත්ද අල්විස් නම් සංගීතඥයා මෙහි සංගීතය නිර්මාණය කරන්නෙ. ගුප්ත බව, රැල්ල නැගෙන ස්වභාවය හා ඔරුකද පැද්දෙන ස්වභාවය සංගීතයෙන් ඉතා මනරම් ලෙස අපේ සිත් වලට ඇතුල් කරනව... තව දෙයක්හෝ... හෝ... හෝයියා... කියන හඩත් මේ ගීතයට පුදුම හැගීම්බර බවක් මුසු කරනව....

(කතාව      Dath kimbula  - Elakiri.com) දී

No comments :

Post a Comment