මගේ පුන්චි රෝස මලේ මගේ පුන්චි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා - Mage punchi rosa male mamai nube viyapath babara

මගේ පුන්චි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා  - Mage punchi rosa male Mamai nube viyapath babara


මගේ පුන්චි රෝස මලේ 
මමයි නුඹේ වියපත් බඹරා 
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා 

කලුවර රෑ සඳක් වගේ 
අහසේ නුඹ ඉන්නවානම්
ආසයි මම නොකී කවිය 
ඔබට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න

මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා 

මගේ පුන්චි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මන් කවුලු පියන්
ඇරලා තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා 
 
ගීතයේ කතාව
මේ ගීතයන් ගායනා කරන අමරසිරිපීරිස් මහත්මාණන් ගේ යහළුවෙක්, එතුමා ගේම වයසේ පසුවන වගේ, කියා තිබෙනවා ඔහුට තම පාසලේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් වන යෞවන සිසුවියක් වෙත ඔහු ගේ හදවතේ තිබූ ප්‍රේමය. නමුත් මැදි වයසත් මහළු වයසත් අතර සිටින අමරසිරි ගේ මිත්‍රයා මේ ගැන ඇයට කියන්නට හෝ බලපෑම් කරන්නට ගොස් නැහැ. ඔහු එය සිතෙහිම රහසේ සගවා ගෙන සිට ඇත්තේ සාධු සම්මතයෙන් එවැන පෙම් බැදීමක් බැහැරවන නිසාමයි. නමුත් ඔහු අමරසිරි ට කියා ඇත්තේ "අමරේ, ඒ ළමයා මගේ ගෙදර ඉන්නව නම් පුදුම ආලෝකයක් ගෙදර තියෙයි කියල මට හිතෙනවා" යනුවෙනි.
අමරසිරි මේ අත්දැකීම ගීත රචකයන් දෙදෙනෙක් හා පැවසුවා. එක් අයෙක් ධම්මික බණ්ඩාර. ඔහු මේ කථාවේ හරය පමණක් ගෙන පබැදූ ගීයයි "මගේ පුංචි රෝස මලේ-මමයි නුඹේ වියපත් බඹරා" මෙය මැදි වයසේ පසුවන බොහෝ පිරිමින් ගේ පොදු අත්දැකීමක් බැවින් අතිශය ජනප්‍රිය වූවා.......

(කතාව *danushka* - Elakiri.com)

පද රචනය : ධම්මික බණ්ඩාර
තනු නිර්මාණය : නම
ගායනය : අමරසිරි පීරිස්
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments

  1. ගිත රචනයට පාදක වූ කතාව සම්පූර්ණ අසත්‍යයක් .කරුනාකර ගිත රචකයා මේ සම්බන්ධ දක්වන අදහස විමසා මෙය නිවරදි කරන්න.මෙහි සංගිතය ⁣ඩෙනිස්ටර් විසින් කර ඇත.

    ReplyDelete

Post a Comment