පෙර දිනයක මා පෙම් කල යුවතිය

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා
----------------------------------------------------------------------------------------------------------
පද රචනය -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව 
සංගීතය     -  සුනිල් සරත් පෙරේරා 
ගායනය     -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා...

මේක ඇහෙද්දී ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරේ කරපු කෙල්ල දැන් වෙන කෙනෙක්ව බැඳලා , දරුවෙකුත් ලැබිල , දැන් ඒ දරුවාව නලවනවා කියලනේ..
එත් මෙතන වෙන්නේ මේකයි , පෙර දිනයේ මම පෙම් කරලා තියෙන්නේත් , මම බැඳලා තියෙන්නෙත් , දැන් මේ දරුවා නලවන්නෙත් එකම කාන්තාවක්.

මගේම ගීයක් , නැලවිලි ස්වරයෙන්
ඈතින් මතුවෙනවා..

දරුවා නලවන්න මෙයා කියන ගීතයත් මම මෙයාට කලින් කියපු එකක්ම තමා .

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා ...

ඉස්සර වගේ නුරාවෙන් රාගයෙන් මෙය දිහා බලනවා වෙනුවට දැන් බලන්නේ දයාවෙන් , සෙනෙහසින් , දැන් වගකීම් වැඩියි , මෙය මගේ බිරිද , මගේ දරුවාගේ අම්ම ..


ඉතුරු ටික තේරුම් ගනිල්ලා ,
(කතාව      y2j2  - Elakiri.com)  

4 comments :

  1. හිතන්හිටිය තේරුම නෙවෙයිනේ...
    මේක ගායනා කරන්නේ ගායිකාවක් නෙමෙයි නේද...

    ReplyDelete
  2. සින්දුව ගායනා කරන්නේ සෝමතිලක ජයමහ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පණ්ඩිත් අමරදේවයන් මේ ගීතය ගායනා කරන්නේ..

    ReplyDelete