Friday, July 6, 2012

දෑත දෙපා ලන ගිගිරි සරින්


---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
දෑත දෙපා ලන ගිගිරි සරින්
 මා කැදවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින් 
සෝක සුසුම් නොහෙලන්

පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
 අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

නිදි යහනට වන් අකුරු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහ නොවෙන්
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය     -  
ගායනය     -   
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------
1980 මැ භාගයේදි වෙච්චි සිද්දියක්. එංලන්තෙ ජීවත්වන සිනමා ශිල්පිණී ප්‍රේමා ගනේගොඩ ඒ කාලෙ හැම අවුරද්දක එනවලු ලංකාවට... ඒ එන්නෙ නිවාඩුවක් ගත කරන්න... ඉතින් එහෙම ආවම එයාගෙ හොදම යාළුවොටිකටත් ආරාධනා කරනල ලොකු බස් එකක් අරගෙන කොහේ හරි දවස් දෙක තුනක ට්‍රිප් එකක් යනවළු. ඉතින් මේ කියන අවුරුද්දෙත් ට්‍රිප් එක ගිහින් තියෙන්නෙ නුවර එළිය පැත්තෙ... ට්‍රිප් එකට සහභාගිවෙලා ඉන්න අය අතර හිටියළු රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, කුලරත්න ආරියවංශ, ආනන්ද වීරසිරි, කුමාරදාස සපුතන්ත්‍රී, කිංස්ලි රාජසිංහ වගේ අය. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ කලාකාරයො කියන්නෙ එක අම්මගෙ දරුවෝ වගේ එකමුතුයි, සමගියි. ප්‍රශ්ණ නෑ. තිබුනත් ඒව සමගියෙන් විසද ගන්නව. බලන්න සිංහල සංගීතයේ පතාක යෝධයෝ සෙට් එකක් නේ මේ එකට ඉදල තියෙන්නෙ... ඉතින් ලස්සන නිර්මාණ බිහි නොවී තියේවිද......?

ඉතින් .. ඔන්න කට්ටිය නුවර එළිය පැත්තෙ ඇවිදල ඉවරවෙලා තීරණය කලාලු නුවර එළියෙ තියෙන රෝහණ වීරසිංහයන්ගෙ මහ ගෙදරට යන්න.... නුවරඑළිය බ්ලැක් පූල් කියන වතුයායෙ පිහිටලා තියෙන මේ ලස්සන නිවසට ගියපු අය සීතලේ වෙවුල වෙවුල දැන් අවට සිරි නරඹනවලු.... මේ අතර පොඩ්ඩක් සීතල නිවාගන්න සප්පායම් වෙන්න කියල හිතාගෙන කස්ටිය රෝහණ වීරසිංහයන් ඉදපු විශාල කාමරේට ගිහින් ඇද උඩ ඉද ගත්තලු.... වැඩේ යන අතරෙ අපේ සීතලටත්, අවට පරිසරයේ තියෙන ලස්සනත්, නිහැඩි තාවයත් එක්කම ..... ලක්ෂ්මන් විජේසේකර මොනවදෝ විසිල් කරන්න පටන් ගත්තලු මේක අහගෙන හිටි කිංස්ලි රාජසිංහ ඇදට ගහන්න පටන්ගත්තලු ගැලපෙන තාලයකට ඒ විතරක් නෙමෙයි විසිල් එක නතර වෙන තැන් වලදි මියුසික එකකුත් දෙනවලු....... මේක අහගෙන මේ දිහා බලාගෙන ඉන්න කුමාරදාස සපුතන්ත්‍රී ගත්තුලු කොලයක්..... මොනව මොනවද ලියල දුන්නලු..... ඔව් යාළුවනේ වෙන මොනවද ඉතින් මේ ගීතය තමා ලියල තියෙන්නෙ...

බලන්න පද රචනය, සංගීතය, තනුව හා ගායනය නුවර එළියෙ බ්ලැක් පූල් වතු යායෙ රෝහාණ වීරසිංහයන්ගෙ මහ ගෙදරින් බිහිවුන අපූරුව.... හොදම වැඩේ කියන්නෙ ඒක නෙමෙයි මුලින්ම විසිල් එක ගහනකොට මෙයාලගෙ සින්දු අහන්න ප්‍රේමා ගනේගොඩ මහත්මිය ඒ දිහාට එන්න හැදුවලු..... ඒත් එවිටදිම රෝහණ විරසිංහ කිව්වලු යන්න එපා පොඩ්ඩක් ඉන්න ඔය විසිල් පාර ගීතයක්වත් අපි කලින් අහල පුරුදු තාලයක්වත් නෙමෙයි කියල. සමහරවිට රෝහණ වීරසිංහ බාධා නොකලනම් මේ ගීතය අපිට නොලැබෙන්නත් ඉඩ තියෙනවා.......

නොයෙක් නොයෙක් දේවල් කලාට වැඩක් නෑ .... මම එන්නෙ නෑ.... මට ඇහෙන්න පා සළඹ සෙලෙව්වත්, සද්දෙන් සුසුම් ලෑවත්, මට පේන්න හිටියත් මොනව කලත් වැඩක් නෑ මගේ හිත චංචල වෙන්නෙ නෑ.... ඒත්.... ඔය හිනාවනම් මට පේනන කරන්න එපා.... මගේ හදවතට අකුණක් ගහනව වගේ.... ඕන දෙයක් කරන්න හිනාවෙන්න එපා..... (saslitt - elakiri)

No comments:

Post a Comment