පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්


---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------

බත කා ඉවරයි බලමින් උන්නෝත්
ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
 පන්නන්නට සැරසෙවු රාලේ

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට ‍මෙන බදුද අනේ
 තනේ තිබෙන කිරි ටිකටාත් බද්දක්
ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඩන විට
මොනවද මම නුබලට දෙන්නේ
බනේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවනේ

ඇහැල මහේ සිට නිදහස ඉල්ලන
පිපි වැනී ගිය මල් පිපුනා
කඩුවට කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුනා

සම්පායම් වී ජාතික ආලේන්
කොස් කොටනා කඩු මුව තියලා
හප්පනේ පර සුද්දන්
සිංහල පොලොවේ කැති ගාලා

කන්දේ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුනකට රැස් වන සද්දේ
කකුලු ලෙසට සුද්දන් එලි යාවි
ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසි කරලා
අමුනයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
මාර සෙනග මැද යම යුද්දේ

කොහල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස් පෙත් විසිවී වැටුනා
රණ බිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුනා
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  
ගායනය     -    සුනිල් එදිරිසිංහ
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------

2 comments :

  1. ඉංග්‍රිසි කියන එකට ලගදීම මුස්ලිස් කියලා දාන්නත් වෙයි

    ReplyDelete
  2. හප්පනේ පර සුද්දන් --> හප්පන්නේ කවදද පර සුද්දන්

    කකුලු ලෙසට සුද්දන් එලි යාවි --> කකුලු ලෙසට සුද්දන් කෙළියා දෙන්

    කොහල් කුරුල්ලන් වාගේ රුපු හිස් --> කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
    අට ඉස් පෙත් විසිවී වැටුනා --> අට ඉස්බෙක් විසිවී වැටුනා

    ReplyDelete