Friday, July 6, 2012

සොදුරිය කාලය කොතරම් නපුරුද?


---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
සොදුරිය කාලය කොතරම් නපුරුද?
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොදුරිය

ලොවට හොරා විළි ලා බිහි කරගත් 
වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  
ගායනය     -   
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------
ප්‍රේමයේ ආශ්වාදය විදිමින් හිද, විවාහයෙන් පසුව එකම යහනක වැද තම අධ්‍යාත්මයන් අතිපිහිත කරගන්නා යුවලක් මද කලකට පසුව මධුසමය අවසන් වී සිය පුරුදු ත්ත්තවයනට පැමිණෙත්. එවිට වැටහෙන්නේ මුලදී දුටු ආදරය, සෙනෙහස සහ අනුරාගය මිලින වී ඇති ආකාරයයි. මේ සිදුවන පුදුම රූප විපර්යාසයෙන් අන්ද මන්ද වන ස්වාමියා, තම බිරිදට ඇති සෙනෙහස කොතරම් ද යත්, මේ දොස් පවරන්නේ කාලයටය. සියල්ල වෙනස් කරවන කාලයටය. ඔහු ඇයට ඇති ප්‍රේමය නිසා ම තම බිරිද වෙනස් ඇති ආකාරය පිලිගැනීමට සූදානම් නැත. මේ සියල්ල කරන්නේ කාලයයි. වැරැද්ද කාලය අතය. ප්‍රේම කරන කාලය තුල විවිධ දුක් කම්කටොළු මැදින් පවත්වා ගත්, රැකගත් ආලය කාලය උදුරා ගෙන ඇති බවටය, ඔහු ගේ මේ චෝදනාව......

පෙම් කරන සමයේ ප්‍රේමවන්තයන් ගේ කවිය සිය පෙම්වතියයි. එල්ල වූ විවිධ බාධා කෙතරම් ද යත් මේ පෙම්වතා ඔහු ගේ කවිය ගලපන්නේ පෙරුම් පුරා ඉතාමත් දඅකසේය. ඔහුට ඉහිළුම් නැති වන්නේ එසේ ගලපා ගත් කවියේ ඔහු දුටු පෙම්වතිය, ඇගේ ප්‍රේමය විවාහයෙන් පසුව දියව යාමය. ඒ කාලයේ හද රැදි ඇය ගේ රුව, ගුණ, සෙනෙහස දැන් ඇය සතුව නොමැති බවටය මේ ලතැවිල්ල......එදා ඒ දුටු ඇය ගේ ස්නේහය කොතරම් මිහිරි ද යන්න ඔහු මෙනෙහි කරන්නේ ලතැවිල්ලෙනි........

ලොවට හොරා විළි ලා බිහි කරගත් - වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය.........


මේ ගීතයේ උභතෝකෝටික වන යෙදුම මෙයයි. ඔවුන් ලොවට හොරා විළි ලා බිහිකර ගත් වසන්තයේ සද තුමක්ද? ඇයි එය දුකක් වූයේ.........
පෙම් කරනා සමයේ ම කායික ආශ්වාදය සමහර පෙම්වත් හු විදිති. ඒය ලබා ගැනීමට වෙහෙසිය යුත්ය. සමාජ සම්මතයන්ට පිටුපානා බැවින් එය ලොවට හොරෙන් සිදුවන දෙයකි. එහි ඵලය දරු ගැබකි. ප්‍රේමයේ ප්‍රතිඵලය බොහෝ පෙම්වතුන් හට විනාශකිරීමට සිදුවන්නේ ලොවට හොරෙන්, සමාජ සම්මතයන් හට පිටින් සිදුවන මේ කරුණු නිසාය. තම කුළුදුල් ගැබ විනාශවනු දැකීම දෙදෙනාටම වේදනාවකි. එහෙත් ඒ අමිහිරි අත්දැකීමට මුහුණ දෙන පෙම්වත්හු විකල්පයක් නොමැති සද ඒ වේදනාව නිහඩ වම විදිති. ඔහු ගේ ලසෝව වන්නේ එසේ එවැනි විටකදී බෙදා හදා ගත් "දුක" වත් දැන් තමාට බෙදා ගැනීමට තරම් නොලැබෙන නිසාය. සෙනෙහස විපරීතව ඇත. ඔහු වේදනාවෙන් සිහි කරන්නේ එවන් දුක වුවද දැන් විදින දුකට වඩා මිහිරි නොවෙද යන්නය.

කාලයත් සමග වෙනස්ව යන ප්‍රේමයේ සන්තාපය, දුක්ඛ දෝමනස්සයන් මනා ලෙස කැටි කොට සමන්ත මේ ගීතය නිමවා ඇත. ඔහු ගේ බොහෝ ගීත වල ප්‍රස්තූතය වන්නේ විරහවය. ප්‍රේමයේ වේදනාවය. එයින් පුදුම මිහිරක් රසිකයා ගේ චිත්ත සන්තානයේ දල්වා ලීමට මේ පුගුලා සමත්යැ. කේමදාසයන් ගේ මනහර තනු සහ ඒකල වයලීන වාදනය කරන ඩී.ඩී. ඩැනී සහ කළණි පෙරේරා යන සුධිමත්හු ද මේ ගීතයේ ආලෝකය දල්වා ඇතිතාහ. අමරසිරි පීරිස් ඔහු ගේ අති මාධූර්යය, ගැඹුරු කටහඩින් මේ ගයන්නේ සිය බිරිද ගේ සෙනෙහස නොලැබ ජීවිතයේ වියලි නිරුදක කතර පමණක් දක්නා සකල විවාහක ස්වාමි පුරුෂයන් ගේ සදාතනික ශෝකාන්තයයි......!!! (elakiri -saslitt)

1 comment:

  1. ඇත්තටම ‍කොච්චර ඇහුවත් එපා නොවන අමරසිරි මහත්මයාගේ තවත් ගිතයක්..
    ස්තුතියී..

    ReplyDelete