Tuesday, July 24, 2012

අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී


---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - මාලනී ජයරත්න
සංගීතය     -  රෝහන වීරසිංහ
ගායනය     -    ටී ඇම් ජයරත්න
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------

3 comments:

  1. mema geeethaye pada rachanaya Malani jayarathne
    music - Rohana Weerasinghe

    ReplyDelete
  2. https://www.youtube.com/watch?v=oaWP9Bx_Mn0
    සියලුම පියවරුන්ට මෙය උපහාරයක් වේවා ,

    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

    පුංචි කාලේ ඔයා අඩද්දි ඔයා කරේ තියාගෙන ලුනු අරන් ගියා ඔබේ රත්තරං තාත්තා ,පිටේ තියාගෙන අස්වයා පැද්දුවා , ආදරය , සෙනෙහස දුන්නා...

    ReplyDelete