Thursday, August 2, 2012

දුම්බර වෙල්ලස්ස උලපන බිම් තැන්නේ


---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
දුම්බර වෙල්ලස්ස උලපන බිම් තැන්නේ
නැංවූ එදා ඔබෙ රණහඬ අසමින්නේ
සිංහල සෙනග මහ පොරපිටියට පැන්නේ
කන්දක් ගරා හෙන සැඩ වතුරක් මෙන්නේ

ඇඳි පට සළුව සෝදා දළඳා හිමිට
පුදකොට නැමඳ යොදවා සිත බණ පොතට
මරණෙට මුහුණ පෑ කැප්පෙටිපොළ නමට
ගරුකටයුතුය මුළු රට එකතුව එකට

අනුන් යටත ජීවත් වෙනවාට වඩා
සැණින් මැරෙනු යෙහෙකැයි උස් හඬින් දොඩා
රටුන් පිණිස දිවි දුන් මේ රටේ කුඩා
උපන් වීර පුරිසෙක් කෝ ඔබට වඩා

අල්ලව් ගනිව් පැන යන්නට නොදී ඉඩ
ගල් මෙන් සිටිව් කැපුවත් තෙපි කඩින් කඩ
වෙල්ලස්සෙන් එදා ඔබ නැගු සටන් හඬ
සොල්ලා රටම රැව් දුනි මුහුදෙනුත් ගොඩ

පැරදීමෙනුදු රැක ගත් තම වීර කම
පරමොදාරයාණනි ඔබෙ සූරකම
පුරවා සිහල හැම සිතකම වීරකම
ඉර හඳ වගේ වේවා හැම වාරේකම
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - එස්.මහින්ද හිමි
සංගීතය     -  x
ගායනය     -    x
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------
මේක මම දැක්කේ මහසෝන බලකාය fb පිටුවෙන්.  ගීතයක් නෙවුනත් ආස හිතුන හින්ද දැම්මේ.

No comments:

Post a Comment