Sunday, September 30, 2012

නිදන් කොල්ලය Nidan Kollaya




---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
ශේෂ වූ අභිමානයත්
වනසනා එක යකුළු පහරින්
සාප වෙයි නුබලාට නොමිනිසුනේ
මහා පොළවද නුහුලනා
මෙහෙවු අපරාධයක කරුමෙන්

හෙඵ කලාකරු කලු ගලින් මැව්
දයා ගුණ වෑහෙන බුදුන්ගේ
හිසට කුලුගෙඩි පහර ලන්නට
කලු ගලක්දෝ නුබේ හදවත
සාපවෙයි නොමිනිසුනි නුබලට

හෙට පිපෙන මල් කැකුළු විමසයි
අපේ ඉතිහාසේ වතගොත
වසල නොමිනිස් කමින් වැළලුන
අපේ උරුමයෙ උනු කදුළු දැක
දොස් තබයි නුබලට සත්තයි
අනාගතයම හඬ හඬා

ශේෂ වූ අභිමානයත්
වනසනා එක යකුළු පහරින්
සාප වෙයි නුබලාට නොමිනිසුනේ
මහා පොළවද නුහුලනා
මෙහෙවු අපරාධයක කරුමෙන්
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - වැලමිටියාවේ ඥානරතන හිමි
සංගීතය     -  දර්ශන රුවන් දිසානායක
ගායනය     -    අමරසිරි පීරිස්
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------

වර්තමානයේ විශාල වශයෙන් අප රට තුල නිදන් කොල්ලයක් සිදුවේ. නිදන් ගැනීමේ අරමුනින් මුලු රජටට ප්‍රදේශයම අගාදයකට ඇද දමා අවසන්. බන්කොලොත් දේශපාලනය එයට අනුබල දීම විනා කිසිදු පියවරක් නොගනී එනිසා අසරන දෛයිශ මාමක අප සාප කරනු විනා වෙන කුමක් කරන්නද?

No comments:

Post a Comment