Monday, December 17, 2012

සුපෙම් හැඟුම් ඔබෙන් එපා


---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ.. දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිම්
සිහිනය මියයා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකි බිඳිනෙමි වියරුවේ පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකිනතුරු දොරින්...

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

---------------------------------------------------------------------------------------------------------
පද රචනය - 
සංගීතය     -  
ගායනය     -    ප්‍රදීපා ධර්මදාස සමග ලක්ෂ්මන් වි‍ජේසේකර 
----------------------------------------------------------------------------------------------------------
මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------

2 comments:

  1. මේ සින්දුව කියන්නෙ දීපිකා ප්‍රියදර්ශනී නෙමෙයි. ප්‍රදීපා ධර්මදාස සමග ලක්ෂ්මන් වි‍ජේසේකර

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියී. මම ඒක හැදුවා. මගේ ලග මේ සිංදුව තිබුනේ දීපිකා මහත්මියගේ හඩික් ගයපු එකක්.

      Delete