උබ එක්ක මං - -Uba ekka man

---------------------------------------------------------------------------------------------------------
ගීතය
----------------------------------------------------------------------------------------------------------
උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම

ඇස් වහගෙන මං - ඒ තැන් පහු කෙරුවත් රූ සටහන් පපුවේ මැද මැවුනා
අපි කා බිවු කඩෙත් සිනමා හල් වලිනුත් ගනුදෙනුවක් කර ගන්නට බැරුවා
උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම

උබ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය - කෙල්ලන් තව අය හා යනවා
කියා ඇය සුද්දියකට හරවා - උදුරා ගත්තා

උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
--------------------------------------------------------------------------------------------------------
පදරචනය -/ සංගීතය / 
ගායනය - අමිල නිදහස දීසානායක (FB Profile - here)
---------------------------------------------------------------------------------------------------------

මෙම ගිතය ඇසීමට මෙතනට යන්න / මෙම ගීතය link එකක් දන්නවනම් comments වල දාන්න.
මෙම ගීතයේ වරදක්, දත්ත වල වරදක් තිබේනම් නිවැරදි කරනු පිනිස comments වල දමන්න.
----------------------------------------------------------------------------------------------------------
ගීතයේ කතාව
----------------------------------------------------------------------------------------------------------

ඇත්තේන්ම මෙවැනි ගීත මා පලකිරීමේදී අනුගමනය කරන පිලිවෙල වන්නේ ගීතයට සවන් දී නැවත ලිවීමයි. අන්තර්ජායෝ පිටපත් කරගැනීමට ලැවුනෝත් ඒක තමා මුලින්ම ගන්නේ. කොසේ වෙතත් මේ ගීතයේ එක් පද පෙලක් තියනවා මේ විදිහට

"කියා ඇය සුද්දියකට හරවා - උදුරා ගත්තා"

ඇත්තේන්ම මුලින්ම අහද්දී මට මේක ඇහුනේ සුද්දියකට = සිද්දිය කියලා. නමුත් "අමිල රාජසිංහ" සහෘදයාගේ කමේන්ටුවක් සමගින් මම ආපහු ඒක ගැන හොයන්න වුනා. ඒ අතර තමා මට මතක් වුනේ ගීත රචකයාන්න මාගේ මූනුපොතේ ඉන්නා බව, ඉතින් මම ඔහුගෙන්ම ඇහුවා මේ ඔහුගේ පිලිතුර හි සංෂිප්තයක්.

අමිල නිදහස දිසානායක - සුද්දියකට හරවා . ඒ කියන්නෙ, සංස්කෘතික පරිවර්තනය.සිංහල පිවිතුරු බව බටහිරකරණය නිසා වල් වැදිලා වාගේ අදහසක්. බොහොම පින් නොවැ.ගොන් මොළවලට කාලය හරි නොවැ

7 comments :

  1. සිද්දියකට හරවා නෙමෙයි බන්
    සුත්තියකට හරවා..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහෝම ස්තූතියි මචං, සුද්දියකට තමා හරිම වචනේ. රචකයා විසින් තහවුරු කලා.

      Delete