බෝසත් කුල ඇතාණෝ - Bosath kula Ethano

බෝසත් කුල ඇතාණෝ - Bosath kula Ethano


බෝසත් කුල ඇතාණෝ - සිවුපා මහ සතාණෝ
බෝසත් කුල ඇතාණෝ - සිවුපා මහ සතාණෝ
වනන්තරේ නෙතාණෝ - පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

වැඩම කළත් දළදා හිමි සඳාණෝ
දෙදළ කපා බිම හෙලනා ඇතාණෝ
ඇවිදින කල අහිමිව වන පෙතාණෝ
වෙඩි පිට වෙඩි කා මියැදෙන ඇතාණෝ

බෝසත් කුල ඇතාණෝ - සිවුපා මහ සතාණෝ
වනන්තරේ නෙතාණෝ - පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

සක්වල ගල සොඳුරුමැ ඇත් රජාණෝ
ගැමුණු රජුට ජය දුන් හිතවතාණෝ
පනාමුරේ පරපුරැ සිරිමතාණෝ
අභය බිමෙත් අභයක් නැති ඇතාණෝ

බෝසත් කුල ඇතාණෝ - සිවුපා මහ සතාණෝ
වනන්තරේ නෙතාණෝ - පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

ගීතයේ කතාව
පද රචනය : සුනිල් ආරියරත්න
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් : " මහ ඇත් පවුර " ටෙලි නාට්‍යයෙන්
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments

  1. ලස්සන වගේම අර්ථවත් ගීයක්
    ජයවේවා!

    ReplyDelete

Post a Comment