Tuesday, October 20, 2015

බුදුන් වඳින්නට දහම් අසන්නට - Budun wadinnata Dhaham asannata

--------------------------------------------------------------
පුතු - බුදුන් වඳින්නට දහම් අසන්නට
         පන්සල වෙත යන හැම වාරේ
         ඔබ දුන් ඔවදන් මට සිහිවෙනවා
         පියාණනේ මේ සංසාරේ

පියා - බුදුන් වඳින්නට දහම් අසන්නට
          තවමත් මම එමි දිවා රැයේ
          පුතුන් දියණියන් මට සිහිවෙනවා
          බුදුන් වඳින ඒ නිමේෂයේ

පුතු - බුදු මග යන්නට බුදු ගුණ ගැයුමට
         මසිත යොමු කළේ ඔබයි පියේ
         මිණිමුතු කැට වන් ඔබ දුන් ඔවදන්
         රටක් වටි මට පියාණනේ

පියා - රජ සැප දෙන්නට ඔටුනු තනන්නට
          රන් ආකර නැත මට තිබුණේ
          එනිසයි පුතුනේ ගුණ යහපත්කම
          දායාදය ලෙස මා දුන්නේ

පුතු - යහ මග යන්නට ලොව ජය ගන්නට
        ආසිරි පැතුවේ ඔබයි පියේ
        එසිරි බෙලෙන් මා ලොවම දිනූ දා
        ඔබ පාමුල වැඳ වැටෙමි පියේ.....
-------------------------------------------------------------------------------------
ගී පද - සිසිර ජයමහ
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ සමග දර්ශන ප්‍රමෝද් නිශ්ශංක
-------------------------------------------------------------------------------------

2 comments:

  1. නියමයි මචන්
    දිගටම ගී පද දියෝ

    ReplyDelete
  2. ස්තූතියි මචං ප්‍රතිචාරයට

    ReplyDelete