හඞන පණ නල යදින සැනසුම - Hadana Pana nala yadina Sanasuma

හඞන පණ නල යදින සැනසුම - Hadana Pana nala yadina Sanasuma


හඞන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමිවුණේ
හඞන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

යොවුන් සිතිවිලි විපිළිසර වී
මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඞන සුරගුරු
යදී සිඟමන් මාවතේ

හඞන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමිවුණේ
හඞන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

රකුසු පියසක පිපුණු කුසුමට
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත
සරන පා යුග පටලැවේ

හඞන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමිවුණේ
හඞන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

ගීතයේ කතාව
පද රචනය : කේ. ඩි. කේ. ධර්මවර්ධන
තනු නිර්මාණය : ලක්ෂ්මන් විජේසේකර
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් : " හිමි අහිමි " ටෙලි නාට්‍යයේ තේමා ගීතය .
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments