මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි - Mage senehasa methek ve yai

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි - Mage senehasa methek ve yai


මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව 

වසර ගණනක යොදුන් ගණනක
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳී වග
එහෙත් සුහදිනි,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

-
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments