සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe

පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ


පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ (දෙසැම්බර් 19, 1949 ඉපැදි) ශ්‍රී ලාංකීය සංගීතයේ අග්‍රගණ්‍ය ගායකයෙකි.

පැටිකිරිගේ එදිරිසිංහ සහ උස්හෙට්ටිගේ එලිසබෙත් පෙරේරාගේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස ඉපිද කැළණිය වරාගොඩ පෙදෙසේ වෙසෙන සුනිලුන්ගේ පාසල් සමය 1955 දී ශ්‍රී ධර්මපාල විද්‍යාලයෙන් ඇරඹෙන අතර 1968 දී සපුගස්කන්ද මහා විද්‍යාලයට සහ දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙණට උසස් අධ්‍යාපනය සඳහා යයි.

1969 දී උසස් අධ්‍යාපනයේ නිමාව දකින ඔහු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු වලට යොමු වෙයි. එදිරිසිංහයන් ගායනයට මුල්ගල් තබනුයේ වැඩිමල් සහෝදර සතිස්චන්ද්‍රයන් අධ්‍යක්ෂණය කරන මාතර ආච්චි චිත්‍රපටයේ 'සඳකඩ පහණ' ගීතය ගායනයෙනි.විශාරද පී. වී. නන්දසිරි සංගීත ශාස්ත්‍රාලයෙන් හා 70 දශකයේ ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් සංගීතය ප්‍රගුණ කරන ඔහු 1975 දී ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විශ්වවිද්‍යාලයෙන් පළමු පෙල ගෞරව උපාධියක් ලබයි. ඉනික්බිතිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට බැඳෙන ඔහු 1980 දී ප්‍රථම කැසට් පටය 'චන්ද්‍ර මඩල' එලි දක්වයි.

1979 නන්දනී කුමුදු මුණසිංහ සමඟ විවාහ වන එදිරිසිංහයන් සංඛ හා සංඛානි එදිරිසිංහගේ දයාබර පියාණන් වෙයි.

1983 දී අධිෂ්ඨානය චිත්‍රපටයට ගායනා කල 'අන්ධ අඳුර' ගීතය ජනපති සම්මානයෙන් පිදුම් ලබන අතර 'මංගල තෑග්ග' චිත්‍රපටයේ 'තුරුලක හුරතල්' හා 'සහරාවේ සිහිනය' චිත්‍රපටයේ 'වලාකුලක් ගෙන' ගීත වෙනුවෙන් 'ස්වර්ණ සංඛ' සම්මානයෙන්ද පිදුම් ලබයි. 1985 දී ඔහු 'සඳකඩ පහණ' ප්‍රසංගය සමඟ රට පුරා මෙන්ම ලෝකයේද සිංහල සංගීතයේ වරුණ රැගෙන යයි.

-------------------------------
මා සතුව දැනට ඇති සුනිල් එදිරිසිංහයන්ගේ ගී පද එකතුව

  1. ඇල් පවනැල් සදනා සිහිලැල්
  2. එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග - Epa yali hamu wanna jeewithe gaman maga
  3. කඳුළු දෙන්න මට හඞන්න - Kadulu denaa mata hadanna
  4. කවුරුන්ද ඔබ මගේ - Kaurunda oba mage
  5. චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ - Chandra mandale sagauna punchi saviye
  6. දෙවැනි බුදුන් ලෙස - Devani budun lesa
  7. දොවන තරම් බුරුළු පුරා කිරි ගෙන දෙඤ්ඤං
  8. නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
  9. පලංචියේ - Palanchiye
  10. පැන මඩකඩිති - Pana mada kadithi
  11. පිනිබර යාමේ සැවුලන් අඬලනවා
  12. පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
  13. බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
  14. බුදුන් වඳින්නට දහම් අසන්නට - Budun wadinnata Dhaham asannata
  15. බෝසත් කුල ඇතාණෝ - Bosath kula Ethano
  16. මට මා හමුවුණා මාද මට හමුවුණා
  17. මහ වැස්සක් බිමට හලා - Maha wassak bimata hala
  18. මා ඉතින් යන්න යනවා - Maa ithin yanna yanawa
  19. මේ තරම් සියුමැලිද කළු ගල් - Me tharam siyumalida kalu gal
  20. රජෙකු වුණත් ගිලන් වෙලා - Rajek unath gilan wela
  21. රන් සමනළයෝ පුංචි කැකුළියෝ - Ran samanalayo punchi kakuliyo
  22. රෝස කුසුමක් පිපී
  23. වියෝවූ පසුවයි දැනෙන්නේ - Viyo u pasuwai danenne
  24. ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
  25. සදාකාලික නොවූ ලෝකේ
  26. සන්තාප මාවතේ
  27. සඳකඩපහණක කැටයම් ඔපලා
  28. සිනහවෙනු මැන වේදනා පිසදා ....
  29. සිනාසෙන අපිමයි හඬන්නේ
  30. හදේ කොතැනක හෝ හිඳී ඔබ

Comments