රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ - Ranmalisaaya Viya divi ambarata naguna
රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
සුදොවුන් පියා විය සක්විති මග තනන
සමනළ පවුව විය දුක සැප සම දරන
පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉණි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා
ලොවුතුරු සුව විඳි අප රජවනු දැකලා
ලොවුතුරු සුව විඳි අප රජවනු දැකලා
ගීතයේ කතාව
පද රචනය | : | පුජ්‍ය කිරඹ සුමංගල හිමි |
තනු නිර්මාණය | : | මනෝරි උග්ගලගේ |
ගායනය | : | සුනිල් එදිරිසිංහ |
වෙනත් | : | නම |
Comments
Post a Comment