පාවේ වලා ඈත කඳු බලා - Paawe Wala Etha kandu Bala

පාවේ වලා ඈත කඳු බලා - Paawe Wala Etha kandu Bala


පාවේ වලා - ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා - මා හද මවා


පාවේ වලා - ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා - මා හද මවා

කඳුලැල්ලෙන් හසරැල්ලෙන් - සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ - මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ - පහන් පෙම දිලේ

පාවේ වලා - ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා - මා හද මවා

හාදව පෙම් බැන්ද රුවින් - පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ - දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ - සහන් එලි නැගේ
පහන් පෙම දිලේ

පාවේ වලා - ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා - මා හද මවා

-
පද රචනය : මීගොඩ විල්සන් - Meegoda Wilson
තනු නිර්මාණය : මර්වින් පෙරේරා - Marvin Perera
ගායනය : වික්ටර් රත්නායක - Victor Rathnayaka
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


මේ තරම් සියුමැලිද කළු ගල් - Me tharam siyumalida kalu gal

මේ තරම් සියුමැලිද කළු ගල් - Me Tharam Siyumalida kalu gal


මේ තරම් සියුමැලිද කළු ගල් - හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් - දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ලඟ ඉලුක් හෙවනක - මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු - මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ - පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු - තවම තනිකඩයැයි කියා
තවම තනිකඩයැයි කියා

මේ තරම් සියුමැලිද කළු ගල් - හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් - දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා


රචකයා ප්‍රථමයෙන් ම එක්තරා කල්පිත සිද්ධියක් මවාගනියි. එනම් අවුකන බුදුන්ටත් දෑස දුන් මිනිසා සොයා යාමයි. එවැනි සිතුවිල්ලක් පහළ වූ හේතුව වන්නේ කලුගල් මේ තරම් සියුමැළි ද යනුවෙන් සිතන්නටවත් බැරිනිසා ය. පැරණි කලා නිර්මාණ පිළිබඳ ව ඇතිවන විශ්මිත බව මේ තුළින් ප්‍රථමයෙන් ම මතුවෙයි. ඒ අතර අවුකන පිළිමය විශ්මිත බවෙන් සුවිශේෂවෙයි.

දැවැන්ත කළුගලකට බුද්ධ ලීලාව ආරෝපණය කරමින්, මහා කරුණාබර ගුණය ගල්කටුව හා මිටියට එක්කොට දෑස්වලට එක්කිරීම සැබැවින් ම විශ්මිත කටයුත්තකි. එහෙත් රචකයා ඒ විශ්මිත බව තුළ ජීවත් වෙමින් දේ්ශාභිමානය මර්දනය කිරීම නම මූලික අරමුණු කර නොගනී.

එදා සිට අද දක්වා කලාකරුවන්ගේ ඛේදවාචකය මෙහි අන්තර්ගත ය. ටජ්මහල සමඟ ලියැවෙන්නේ සාජහන් ගේ නමයි. සීගිරිය සමඟ ලියැවෙන්නේ කසුප් රජුගේ නමයි. ඒ මහා කලාකෘති නම කළ කලාකරුවන් කොහිද? ඔවුන් පස් අතරේ නිහඬ ව වැළලී ගොසිනි. ඇතැම් ජනප්‍රවාද වලට අනුව මේ රජවරුන්ම ඔවුනට විවිධ පීඩා සිදුකර තිබේ.

එහෙත් මේ මහා කලාකරුවන් වූ කලී උපේක්‍ෂාව ප්‍රගුණ කළ පිරිසක් ම ය. මේ කලාකරුවා බලාසිටින්නේ කලාවැවේ මැරෙන ඉපදෙන රැලි දෙස ය. අනිත්‍ය ධර්මතාවය ඔහු කලාවැවේ රැලි මත්තෙන්ම අවබෝධකර ගනී. මහා කළුගලක් මත ගොඩනැඟෙන බුදුරුවට ඔහු තම ජීවිත ඥානයෙන් පෝෂණයවන ප්‍රතිභාව ද ඉවහල් කරගනී. ඒ මහා කලාකෘතිය නිමකිරීමේදී ලැබෙන ශාරීරික වේදනාවන් පවා ඔහුට ගෙනදෙන්නේ මිහිරකි. ඒ සැබෑ කලාකරුවාගේ ස්වභාවයයි.

රජී වසන්ත මේ කල්පිතයේ තවත් ඉදිරියට ගමන් කරයි. ඔහු මිළඟට මේ ගල්වඩුවාගෙන් අසන්නේ ඉසුරුමුණියේ කළුගලක නෙළු සුන්දරිය කොහි සිටීද යනුවෙනි. එහිදී රචකයා කල්පනා කරන්නේ ඒ ඔහුගේ ම හද ඇඳි ප්‍රතිබිම්බයක් බවයි. රචකයාගේ සිතුවිල්ල සාධාරණ ය. මන්ද කලාකරුවාගේ හදවත බොහෝවිට ඔහුගේ නිර්මාණයන්ගෙන් හඳුනාගත හැකි බැවිනි.

මේ කලාකරුවා කෙරෙහි විශාල දයා අනුකම්පාවක් හටගන්නේ මේ අවසාන ප්‍රකාශය හේතුවෙනි. අනුන්ගේ ආදරය කැටයමට නඟන ඔහු තාම ජීවිතයේ තනිකඩයෙකි. ඇතැම්විට ඔහුගේ පෙම්බරිය ඔහු ව අතැර දමා යන්නට ඇත. මුතුබෙල්ලකු තම වේදනාව මුතු බවට පත්කරන්නා සේ මේ කලාකරුවා තම ජීවිතයේ ලද අනේකවිධ දුක්වේදනා නිර්මාණ බවට පත්කරයි.

සමස්ත අව්‍යාජ කලාකරුවන්ගේ යථාර්ථය මේ නිර්මාණය ඔස්සේ රචකයා විසින් ප්‍රදර්ශනය කරනු ලබයි. සැබවින්ම අවුකන පිළිමයට දෑස දුන් මිනිසා කලාකරුවෙකි. එසේ නම් රචකයා සොයා යන්නේ කලාකරුවකු ය. ඔහුට කලාකරුවා මුණගැසෙයි. ඔහු දුක වළඳන්නෙකි. ඒ මඟින් අව්‍යාජ කලාකරුවන් බහුතරයක්තම නිහතමානී බව නිසා ම, හුදෙකලා වන ආකාරය ප්‍රදර්ශනය වෙයි.

මේ නිර්මාණයට සංගීතය සපයන්නේ තරුණ සංගීතඥයෙකි. ඔහු පොළොන්නරුවේ ඈත පිටිසර ගමකින් බිහිවුණ ඉඳහිට කොළඹට එන, තරුණ සංගීතවේදියෙකි. පද රචනයක සමස්ත අර්ථය මනා ව ස්පර්ශ කිරීමේ හැකියාව මේ සංගීතඥයා සතු ව පවතී. බටනළාව, වයලීනය වැනි සංගීත භාණ්ඩ වැඩි අවස්ථාවලදී යොදාගෙන මේ කලාකරුවාගේ ශෝචනීය ඉරණම රසික හදවතට කාවැද්දීමට රුවන් දර්ශන දිසානායකයෝ සමත් වෙති. තරුණ සංගීතඥයන්ට ඔහු සපයා ඇත්තේ කදිම මාර්ගෝපදේශයකි.

අද අපට කනවැකෙන බොහෝ නිර්මාණ විවිධ නාදවලින් හිදැස් පිරවූ නිර්මාණ ය. වාර්තාමය පද මාලාවන්ට සංගීතමය සැරසිලි දමා රසිකයා ඉදිරියට ගෙන ඒම මෙහිදී සිදුවෙයි. එයට තවත් අරුත්සුන් රූපමාලාවක් එක්කරගනී. සින්දු අහන පරම්පරාවක් නොව සින්දු බලන පරම්පරාවක් එමඟින් බිහිවෙයි.

ගායක ගායිකාවන් ගේ විවිධ ඉරියව් නරඹමින් මානසික උත්තේජනයක් හා ලිංගික උත්තේජනයක් ලබන පරපුරක් ගොඩනැඟෙමින් පවතී. මේ පදරචකයන්ට හා සංගීතඥයන්ට උඩුගම්බලා පිහිනන්නට සිදුවන්නේ මෙබඳු පරිසරයක ය. එහෙත් මෙබඳු ගීත ගැයීමට මේ පරිසරයේ සුනිල් එදිරිසිංහයන්ට හැකිවීම, එක්තරා භාග්‍යයකි.

මම මනසින් අතීතයට ගමන් කරමි. අනුරාධපුර පොළොන්නරු රාජධානි කරා මගේ මනස ඇදී යයි. ඒ අතර මහා කළුගලක් දෙස බලාසිටින කුඩා මිනිසකු මට දිස්වෙයි. ඔහු අතේ ගල්කටුවක් ද මිටියක් ද ඇත. ඔහු ඒ ගල්කටුවෙන් මහා කළුගලට තට්ටු කරන්නට පටන් ගනියි.

දින සති මාස ගෙවී යයි. මහා බුදුරුවක් මා ඉදිරියේ දිස්වෙයි. ගල්කටුව හා මිටිය තම මල්ලට දමාගන්නා මේ මිනිසා, ගමන්මල්ල වෑ කන්දේ තබා වැවට බැස දියනා ගනියි. නැවත ගමන් මල්ල රැගෙන ඉලුක් සෙවිලි කළ තම මැටි පැල කරා ගමන් කරයි. ඒ පැල ඉදිවී ඇත්තේ කලාවැව අසලයි. පුරා හඳ පැලට ඉහළින් බැබළෙයි.

ඔහු මැටි පිල මත පැදුරක් එළා, රිදුම් දෙන තම ශරීරය පිරිමදිමින් කලාවැවේ මැරෙන උපදින රළ දෙස උපේක්‍ෂාවෙන් බලා හිඳියි. ඔහුට තමා ව අතහැර ගිය සුන්දරිය සිහිවෙයි. ඇය හා ගෙවු සොඳුපැ නිමේෂයන් සිහිපත් වෙයි. ඇය හා ගෙවු සොඳුරු නිමේෂයන් සිහිපත් වෙයි.

කඳුළු පිස නිදාගන්නා ඒ මිනිසා උදෑසනින් අවදි ව ගල්කටුව හා මිටිය තම ගමන් මල්ලේ දමා ගෙන ඉසුරුමුණිය දෙසට ගමන් කරයි.

උපුටා ගැනීම -
facebook.com/rasavindana - රසවින්දන FB පිටුවෙනි

පද රචනය : රජී වසන්ත වෙල්ගම - Raji Wasantha Welgama
තනු නිර්මාණය : රුවන් දර්ශන දිසානායක - Ruwan Dharshana Disanayaka
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

ආදරයේ උණුසුම ලඟ - Adaraye Unusuma laga

ආදරයේ උණුසුම ලඟ - Adaraye Unusuma Laga


ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි

සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

‍දිවා රැයේ දකින සිහින
පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටෙයි
කදුලින් හදවත් ඇවිලෙයි

ගිතරු පෙම් සුසුම් හඩින් - පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

ගීතයේ කතාව
පද රචනය : විජේසිරි අමරතුංග - Wijesiri Amarathunga
තනු නිර්මාණය : අමරසිරි පීරිස් - Amarasiri Peris
ගායනය : සෝමතිලක ජයමහ - Somathilaka Jayamaha
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

සක්මන් කරන මළුව පාළුයි දේවී - Sakman karana maluwa palui devi

සක්මන් කරන මළුව පාළුයි දේවී - Sakman karana maluwa palui devi


දස්කොන් - සක්මන් කරන මළුව පාළුයි දේවී - මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ප්‍රමිලා - ඉක්මන් ගමන් එපා පා පැකිළේවී - දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී


දස්කොන් -සෙංකඩගල වටකල - පවුරු වලල්ලේ
                 පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
                 සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
                 පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
ප්‍රමිලා - රන්තරු දෑස පියන රෑ හඳපානේ - අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

දස්කොන් - සක්මන් කරන මළුව පාළුයි දේවී - මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ප්‍රමිලා - ඉක්මන් ගමන් එපා පා පැකිළේවී - දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

දස්කොන් - වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ - දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
                  වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ - දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ප්‍රමිලා - ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ - මා තනිකරන්නෙපා මතු සංසාරේ

දස්කොන් - සක්මන් කරන මළුව පාළුයි දේවී - මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ප්‍රමිලා - ඉක්මන් ගමන් එපා පා පැකිළේවී - දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී


මෙය සත්‍ය ඉතිහාස කතා පුවතක් වටා ගෙතුන ගී පබැදුමකි. ඒ ශ්‍රී වික්‍රම නරේද්‍රසිංහ රජ සමයේදී සිදු වූවකි. අසම්මත ප්‍රේමයක් වුවද එහි චමක්කාරය හා ආදරණීය බව හා ඉන් පසුව සිදු වූ හද සසළ කරවන සිදුවීම් නිසා ජන කතාවක් ලෙසට අදටත් සිංහල ජන මතකාය් ඉතිරිව පවතී

ගැස්කොන් නොහෝත් සිංහල උරුවට දස්කොන් ප්‍රංශ නැවියෙකි. දෙවැනි රාජසිංහ රජතුමන්ගේ සිරකරුවකු ලෙස කලක් සිට නිදහස ලබා පසුව පෘතුගීසි කාන්තාවක් හා විවාහව පේදෘෘ - ගැස්කොන් නොහොත් මේ කතා පුවතේ දස්කොන් හට උපත ලබා දේ. 

කුඩා කල සිට හගුරන්කෙත රජ මාලිගය අසල හැදි වැඩුනු දස්කොන් ඉගෙනීමේ දැක්වූ දස්කම් නිසා සූරියගොඩ කිත්සිරි මෙවන් නම් සාමනේර හිමි ඇසුරෙන් සිංහල භාෂා ප්‍රවීනත්වය ලැබීය. 

තම වයසේ පසුවූ රජුගේ පුත් නරේද්‍රසිංහ කුමරු සමග දැඩි මිත්‍රත්වයක් ගොඩනගාගෙන සිටි දස්කොන්, නරේද්‍රසිංහ කුමරු ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ලෙස රාජාභිෂේක ලැබූ පසු මහා අධිකාරම් තනතුර ලැබීය. 

සිංහලේ අවසාන රජු වන නරේන්ද්‍රසිංහ රජු රජකමට වඩා කෙළිලොල් ජීවිතයකට හුරු වි තිබීමත්, කලහකාරී සහ කෘෘර ගති සහිත වූවකු වූ බැවින්ද, සුරාව, සූදුවේ සහ ස්ත්‍රීය කෙරේ ලොල් වූ අයෙකු වූ බැවින් ද සෙල්ලම් නිරිඳු යන අනුවරුත නාමය ද ජන වහරේ පට බැඳිනි. මෙම කාල වකවානුවේ සාමාන්‍යෙයන් රජවරු සිදුකළා වූ ආකාරයටම ඔහු ද ඉන්දියාවෙන් වංශක්කාර කුමාරියක් පිය රජු විසින් සොයා බලා තුබූ අතර, එසේ ගෙන්වාගත් කුමරියක හා 1708 දී සරණ පාවාගෙන ඇත. මෙය කාලවකවානුවේ ඉන්දියාවේ නායක්කර් රාජකීය වංශයේ කුමරියක් හා විවාහ වීම රාජ්‍ය බලය නොනැසී ඉන්දියාව සතු කර ගැනීමක් හා සමාන ය. අපට බොහෝ ලේඛනවන සහ ජනවහරේ අසන්නට ලැබෙන ඉන්දියාවෙන් ගෙන්වා සරණ පාවා දුන් මෙම කුමරිය නමින් ප්‍රමිලා විය.

ඉතිහාස කථාවල සඳහන් වන පරිදි රජුට ප්‍රමිලා පමණක් නොව තවත් බිසවන් කිහිප දෙනෙක් සිටීන ලද අතර තවත් එක් බිසවක් ලෙස පෘතුග්‍රීසීන් විසින් උපායශීලීව රජුට ලංකළ කුමාරිකාවක් ද විය. කෙසේ වෙතත් මෙම කාලවකවානුවේ රජු පෘතුග්‍රීසීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද බොහෝ කටයුතු කර තිබේ. නරේන්ද්‍රසිංහ රජුටද පෙර කී පරිදි හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ සෙන්කඩගල නමින් රාජ වාසල තුනම විය. ප්‍රමිලා හඟුරන්කෙත රජමාලිගයේ රඳවා සිටීය.

තමන් කුඩාකල සිටි ආශ්‍රයකළ දස්කොන් ව මහා අදිකාරම් ධූරයේ පිහිටුවයි. දස්කොන් සහ ප්‍රමිලා අතර ප්‍රේමයක් හට ගනුයේ ඉන් අනතරුවයි කියා බොහෝ ලේඛනවල සඳහන් ය. ප්‍රමිලා දස්කොන්ගේ කවි සිතුවිලි වලට සහ කඩවසම් පෙනුමට පෙම් බැන්දේ ය. සමහර ඉතිහාස කථාවල කියවෙන පරිදි මොහුන්ගේ ප්‍රේමය කවි වලින් ප්‍රකාශකර ගෙන ඇත. ප්‍රමිලා හඟුරන්කෙත රජ වාසලේ විසීමත්, රජු වැඩිපුර සන්කඩගල රජ වාසල විසීමත් හේතුවෙන් ප්‍රමිලා සහ දස්කොන් අතර, දැඩි ප්‍රේම බන්ධනයක් හට ගැනීමට මනා පසුබිම සකස් කර දී තිබිණ.
මා දස්කොන් සහ ප්‍රමිලා අතර හුවමාරූ වූවායි සැලකෙන පහත කවි උපුටා ගැනීමකින් දැක්විය හැක.

යන්නෝ මෙමඟ රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙගඟ දිය බොර කරලා යත්ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳිදොර නාරිත් ද?


ප්‍රේමානුරාගයෙන් වෙළෙන්න ඇය කතා කරයි. කතා කරනා විට එය හැර යන්නේ කවුරුද? ඇය දස්කොන්ගෙන් අසයි.

අකුරු කළේ කුමට ද නුවණ මඳ ගුරු
හකුරු කැලේ දමති ද දියවී යන තුරු
කපුරු මලේ සුවඳට වැනසෙති බඹරූ
කපුරු මලේ දැක දැක නොකරන් වියරූ


හකුරු කැලයේ දිය වී යන්න දමා තිබෙනු බව මා දනිමි. නමුත් බඹරු කපුරු මලට එක් වී විනාශ වී ගිය ද මෙය මාහට ද හැර යා නොහැක. දස්කොන් පෙරළා ප්‍රමිලාට කියයි.

අවසානයේ දී මෙම ප්‍රේමය රජවාසල බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධ රහසක් විය. දස්කොන්ගෙන් පළි ගැනීමේ චේතනාවේ සිටි සමහරෙක් මෙම කාරණය ඉත්තෙක් කර ගැනීමට මාන බැලූහ. එකල බොහෝ සිංහලයන් දස්කොන් සමඟ පිටතට නොපෙන්නුව ද අමනාපයකින් පසු විය. මෙයට ප්‍රධාන හේතුව දස්කොන් මිෂනාරි කටයුතුවල සම්බන්ධ වී සිටීම ය. කාලයාගේ ඇවෑමෙන් ප්‍රමිලාට අභිරහස් රෝගයක් හට ගැනිණි. රෝගය සදහා හේතු විමසූ දෛවඥයන් මේ සඳහා අග මුල ගලපා තීරණයකට ආවේ බලි තොවිලයක්කල යුතු බවත්, ඒ සඳහා ප්‍රමිලාගේ රුවට සමාන මැටි අනුරුවක් අවශ්‍ය බවත් ය. එකී කාර්යය දස්කොන් මූර්ති ශිල්පියකු ලවා රුවක් අඹවන ලදී. දස්කොන්ගේ දැනිමේ පරිදි මැටි අනුරුවේ අඩු පාඩුවක් යැයි සලකා ප්‍රමිලාගේ කලවා ප්‍රදේශයේ වූ උපන් ලපයක් මෙම රූපයට යෙදී ය. ඉතාහස කථාවල තවත් ආකාරයකින් මෙය අසන්න ලැබේ. එනම්, උපන් ලපය ඔහුව රජුට අසු කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු සමඟ අමනාපයෙන් සිටි වෙනත් අයකු විසින් මෙය කරනලද බවයි. සැබවින්ම උගත්කමක් තිබූ දස්කොන් මෙම කාර්යය කළාද නැතිනම් දස්කොන් සමඟ බොහොදෙනෙකු අමනාපයෙන් සිටි බැවින් ඔහු හසුකරලීම සඳහා වෙනත් අයකු විසින් උපන් ලපය තැබුවාද යන්න ගැටලුවකි. නමුත් දෙවෙනි ආකාරයට එය සිදු වී නම් ඇයගේ කලවා ප්‍රදේශයේ උපන් ලපයක් ඇතිය කියා වෙනත් කවුරුන්ද දන්නේ?

රජු මෙම බලි රූපය දැක සතුටු වූ නමුදු ඉහත ලපය කෙසේ, කවුරුන් තැබුවාද යන්න පිළිබඳව සැකයක් ඇති කරගත්තේ ය. කෙසේ හෝ අවසානයේ කරුණු සොයා යාමේදී දස්කොන් සම්බන්ධ විය යුතු බව රජුට දැනගන්නට ලැබිණි. ඒ සමඟ ම මෙම පෙම් පුවත ද රජු අනාවරණය කර ගන්නා ලද අතර රාජ උදහසට නතු වූ දස්කොන් සිරගත කෙරිණී. නව මහ අදිකාරම් ලෙස ලෙව්කේ රාළ පත් කෙරිණි. දස්කොන් තමන් නිවැරැදියි පවසා නොක්කාඩු මාලය නමින් පද්‍ය සංග්‍රහයක් ලියා ලෙව්කේ රාළ මගින් රජුට ලැබීමට සලස්වනු ලැබුවද ලෙව්කේගේ සිතේ ද දස්කොන් ගැන තිබූ ක්‍රෝධය හේතුවෙන් සිතූ එය ලබා දීම සිතා මතාම පමා කරන ලදී. කිසිදු නිදහසට කාරණයක් දස්කොන් ඉදිරිපත් නොකරන්නේ යැ යි සිතූ රජු දස්කොන්ගේ අවසාන ය ලියන ලදී. ඒ අනුව දස්කොන් බෝගම්බර දංගෙඩියට ගෙනගොස් පුරාණ දෙතිස් වධයෙන් එක් වදයක් වූ හිස ගසා මරා දැමීය. මෙම හිස ගසා දැමීම 1715 දී පමණ සිදු වී යැයි විශ්වාස කෙරේ.

දස්කොන් මරා දැමීමෙන් පසු දස්කොන් සමීපය ඇසුරුකළ ගොන්සාල්වේස් පියතුමන් ද සිරකරනු ලබන නමුත් පියතුමන්ගේ අනුගාමිකයන් පිරිසක් දස්කොන් සහ පියතුමන් නිවැරැදි බවට කරුණු දක්වයි. මේ හේතුවෙන් නව මහ අදිකාරම් ලෙව්කේ රාළ සිරගත කෙරූ අතර, මෙම සිද්ධියට දස්කොන්ට සිංහල අකුරුකළ සූරියගොඩ කිත්සිරි තෙරුන් අදාළ යැයි ගොන්සාල්වේස් පියතුමන්ගේ අනුගාමිකයින් පැවසීම හේතුවෙන් උන්වහන්සේගේ හිස ගසා දමී ය. සුරියගොඩ තෙරුන් අප හොඳින් අසා ඇති බෞද්ධ වීර චරිතයක් වන වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ගුරු හාමුදුරුවන් ය. බුද්ධ ශාසනයට කිසිදු රජුගෙන් අනුග්‍රහයක් පෙර සිට නොතිබූ බව දත් වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ද තමාට අනතුරක් වේදෝ බිය හේතුවෙන් වහා පලා ගිය හ.



උපකාරක ලිපි:-
http://blog.indranama.com/2010/03/daskon-pramila
http://yadaminbeda.blogspot.com/2012/11/blog-post_9404.html

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ - Rathnath Sri Wijesinghe
තනු නිර්මාණය : ගුණදාස කපුගේ - Gunadasa Kapuge
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ - Karunarathna Diulgane
සමිතා මුදුන්කොටුව - Samitha Mudunkotuwa
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.



මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - Mage amal biso dora harinnepa

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - Mage amal biso dora harinnepa


මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ - උඹ මූදුකරේ තනියෙන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ - උඹ මූදුකරේ තනියෙන්

යස ඉසුරු අරන් සුදු මහත්තුරුන් - ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලන් - උඹ නොදැක්කා සේ ඉඳපන්

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ - උඹ මූදුකරේ තනියෙන්

ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන් - ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් - උඹ හෝදිසියෙන් ඉඳපන්

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ - උඹ මූදුකරේ තනියෙන්

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ - උඹ මූදුකරේ තනියෙන්


ගීතයේ කතාව
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ - Bandara Eheliyagoda
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ - Rohana Weerasinghe
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ - Nube sithata punsada payala wage

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ - Nube Sithata Punsada Payala Wage


නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ

අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුණා මුවග අගේ
දෙපෝදාට අහසේ තරු රෑන වගේ
ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ

නළල් තලට මුතු තැලි පට කිමද දඟේ
අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ළතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
සැනසිල්ලට දුරු රටකට යමුද නගේ

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ


-
පද රචනය : සුනිල් ආර්. ගමගේ - Sunil R. Gamage
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ - Rohana Weerasinghe
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

සඳගල නුවර එන්න - Sandagala Nuwarata enna

සඳගල නුවර එන්න  - Sandagala Nuwarata enna


සඳගල නුවර එන්න - අවසර වරම් දෙන්න
රෑ සඳ වෙලා ඉන්න - නුඹ එනවද කියන්න
කින්නරාවියේ

සඳගල නුවර එන්න - අවසර වරම් දෙන්න
රෑ සඳ වෙලා ඉන්න - නුඹ එනවද කියන්න
කින්නරාවියේ

සඳ දිය ඉවුරු සිඹින - ගඟබඩ තුරු හෙවනක
හිත උණුසුම් කරන්න - හදවත ළඟින් ඉන්න
නුඹ එනවද කියන්න - කින්නරාවියේ

සඳගල නුවර එන්න - අවසර වරම් දෙන්න
රෑ සඳ වෙලා ඉන්න - නුඹ එනවද කියන්න
කින්නරාවියේ

අත්වැල් බැඳන් එකට - පියවර මැන යන්නට
කින්නරදා වත යන් - නුඹෙ නාමෙන් ලියන්න
නුඹ එනවද කියන්න - කින්නරාවියේ 

සඳගල නුවර එන්න - අවසර වරම් දෙන්න
රෑ සඳ වෙලා ඉන්න - නුඹ එනවද කියන්න
කින්නරාවියේ


නුඹ එනවද කියන්න - කින්නරාවියේ
නුඹ එනවද කියන්න - කින්නරාවියේ
නුඹ එනවද කියන්න - කින්නරාවියේ
නුඹ එනවද කියන්න - කින්නරාවියේ

ගීතයේ කතාව
පද රචනය : අනුරාධ ජයසේන - Anuradha Jayasena 
තනු නිර්මාණය : කරුණාරත්න විජේවර්ධන - Karunarathna Wijewardhana
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : සදගළ තැන්න ටෙලි නාට්‍යායේ තේමා ගීය
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


ගඟ තවම ගලයි - Gaga thawama galai

ගඟ තවම ගලයි - Gaga thawama galai


ගඟ තවම ගලයි - ගං දෑල නිසසලව බලා හිඳියි
ඔබ ගඟක් වගෙයි - සිත් දෑලවරින් ඈතටම ඇදෙයි

මහ වැස්ස වැටී ගඟ දිය කැළඹෙයි - ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි
ගඟ ඔහොම තමයි - එකතැන නොරැඳෙයි
ඔය හදේ රැඳුනු ආදරය වගෙයි

කඳු යාය නිලෙන් නිල් අහස වසයි - ගං දියෙන් වැසී හිත තවම බරයි
කඳු පෙළ නිසලයි - කිසිදා නොසැලෙයි
මා ඔබට පිදූ ආදරය වගෙයි

ගඟ තවම ගලයි - ගං දෑල නිසසලව බලා හිඳියි
ඔබ ගඟක් වගෙයි - සිත් දෑලවරින් ඈතටම ඇදෙයි

-
පද රචනය : රංජිත් රූපසිංහ - Ranjith Rupasinghe
තනු නිර්මාණය : නාලක අංජන කුමාර - Nalaka Anjana Kumara
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

එපා යළි හමුවන්න - Epa Yali Hamuwanna

එපා යළි හමුවන්න  - Epa Yali Hamuwanna 


එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ


ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

-
පද රචනය : ඩිෂාන් නානායක්කාර - Dilshan Nanayakkara
තනු නිර්මාණය : කරුණාරත්න විජේවර්ධන - Karunarathna Wijewardana
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

දිය කිඳූරිය සේ සාගරේ - Diya kinduriya se sagare

දිය කිඳූරිය සේ සාගරේ - Diya kinduriya se sagare


දිය කිඳූරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් - රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ලඳේ

දිය කිඳූරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් - රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ලඳේ

දේහ ලතාවේ රූසිරු වරුණේ - නොදැනෙයි මේ නෙත යාවෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ - සැඟවේවා අද පාවෙලා
ගිනිදැල් පරදා හසකැන් නැගුනා - පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳූනා දෙනෙතින් මිදුනා - සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ - උපදින සසරේ වාසනා

දිය කිඳූරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් - රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ලඳේ

දෙදෙනා හමුවී පෙරදා සසරේ - උන්නා සේ මට ලංවෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුනේ -  කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක බිඳෙනා පිණි මල වාගේ - ඔබ ඇසුරෙන් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ  - දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ - ඔබටයි මේ පෙම් ගීතිකා

දිය කිඳූරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් - රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ලඳේ

-
පද රචනය : උපාලී දනවනවිතාණ - Upali Danawanavithana
තනු නිර්මාණය : සරත් ද අල්විස් - Sarath De Alvis
ගායනය : එච්.ආර්.ජෝතිපාල - H.R Jothipala
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

මොනවද මුත්තේ මොකද කරන්නේ - Monawada Muththe Mokada Karanne

මොනවද මුත්තේ මොකද කරන්නේ - Monawada Muththe Mokada Karanne


ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ - මොකටද ඔබ ඔය බිම හාරන්නේ

සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි - අඹ ඇටයක් සිටුවන්නට හාරමි
ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ - මොකටද ඔබ ඔය බිම හාරන්නේ
සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි - අඹ ඇටයක් සිටුවන්නට හාරමි

ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද - එක අඹයක්වත් කන්න ලැබේවිද
සීයා - මම ලමයෝ මින් අඹයක් නොපතමි - යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට - කරන්න හැකිදේ නොම තේරෙයි මට
සීයා - පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස - හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

සීයා - පෙර උන් අය සිටවූ අඹගස් වල - ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
        අපෙන් පසුව එන අයටත් එම ඵල - ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ළමයා - ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි - ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

සීයා - අපෙන් පසුව එන අයටත් එම ඵල - ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ළමයා - ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි - ආයුබොවන් මුත්තේ මම යන්නෙමි 
           ආයුබොවන් මුත්තේ මම යන්නෙමි - ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
-
පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි Rev. S. Mahinda Himi
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ - Rohana Weerasinghe
ගායනය : රෝහණ වීරසිංහ  - Rohana Weerasinghe
අනූෂා නානායක්කාර - Anusha Nanayakkara
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

සදාකාලික නොවූ ලෝකේ

සදා කාලීක නොවු ලෝකේ - Sadakalika Nowu Loke

සදාකාලික නොවූ ලෝකේ 
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්


මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

සදාකාලික නොවූ ලෝකේ 
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්


එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයේ
සදා කෙලෙසද පෙම් බඳින්නේ

සදාකාලික නොවූ ලෝකේ 
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා
ගෙවූ කාලය සිහිනයක්


ලෝව සියල්ල අනිත්‍ය වේ. මේ ලෝක ධර්මතාවයකි, එහෙනම් ප්‍රේමය පමනක් නිත්‍ය වේද? අමරණීය ප්‍රේමයක් පවතීද?

කලක් පෙම්කල ඒ සොදුරිය ගෙන් යම් හේතුවක් නිසා වෙන්වූ පසු ඇයගේ ආලය වියැකීමේ විරහවට අනිත්‍ය මෙනෙහි කිරීමෙන් සමනය කරගැනීමට වෙහෙසෙන පුද්ගයයෙකුගේ ප්‍රයත්නයක් විදහා දැක්වෙන ගීතයකි.

ප්‍රේමතී ජායතී සෝකෝ - ප්‍රේමයෙන් දුක උපදී

පද රචනය : ආනන්ද අමරසිරි - Ananda Amarasiri
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ - Rohana Weerasinghe
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


මට මා හමුවුණා මාද මට හමුවුණා - Mata maa da Hamu una

මට මා හමුවුණා මාද මට හමුවුණා - Mata maa da Hamu una


මට මා හමුවුණා - මාද මට හමුවුණා
ඝන නිල් වනන්තරේ
කාත් කවුරුවත් නැති එක නිමේශයේ
මට මා හමුවුණා - මාද මට හමුවුණා.

මොහොතක් යෙදුණා - අප දෙදෙනා පිළිසඳරේ
භවයක් සේ හැඟුණා - අරුමය ඒ ඇසුරේ
සිතු සම්පත් සැදුනිද - දැසිදස්සන් ලැබුණිද
ඇසුවිට මගෙන් මා - ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා

මට මා හමුවුණා - මාද මට හමුවුණා
ඝන නිල් වනන්තරේ
කාත් කවුරුවත් නැති එක නිමේශයේ
මට මා හමුවුණා - මාද මට හමුවුණා.

සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා
ඇසුයෙමි පැනයක් හිනැහෙද්දි සිත විදහා
ලද හැමදේ අවසන සතුටින් ඔබ සිටිනෙද
ඇසුවිට මුනිවත පා කිසිවක් නොකියා
මාගෙන් මා මැකුණා
කිසිවක් නොකියා - මාගෙන් මා මැකුණා

-
පද රචනය : ආනන්ද ගමගේ - Ananda Gamage
තනු නිර්මාණය : බන්දුල නානායක්කාරවසම් - Bandula Nanayakkarawasam
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.