අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - Amma Sadaki Mama e lowa Hiruya ridee

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - Amma Sadaki Mama e lowa Hiruya ridee

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ


පද රචනය : මාලනී ජයරත්න
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : ටී.එම්.ජයරත්න
වෙනත් :
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments