අමුතු මිනිස්සු - Amuthu Minissu

අමුතු මිනිස්සු - Amuthu Minissu

මුතු ඇටයක ඉපදීලා

සාගරයෙන් වටවීලා

ඒරොප්පෙන් සැමන් ගේන

පුදුම මිනිස්සු...

පුදුමයි වාගේ පෙනුනට - අමුතු මිනිස්සු

පුදුමයි වාගේ පෙනුනට - අමුතු මිනිස්සු

 

ඔසරිය මැද පෙනෙන බඩම

ඩෙනිම මැදින් පෙන්නනකොට

සදාචාරේ ඔලුවට ගෙන

බනින මිනිස්සු...

වෙලාවකට පුදුමයි අපි - අමුතු මිනිස්සු

වෙලාවකට පුදුමයි අපි - අමුතු මිනිස්සු

 

සල්ලි පාවේ - ඈත යාවේ

හීන පාරේ - බිඳිලා යාවේ

සල්ලි පාවේ - ඈත යාවේ

හීන පාරේ - බිඳිලා යාවේ


තමන්ගෙ රෙදි ගැලවෙද්දිත්

හෙළුව අතින් වහගෙන හරි

අනුන්ගෙ රෙද්දේ ඇද කුද

හොයන මිනිස්සු...

වෙලාවකට හිනා යනවා - මෙහෙම මිනිස්සු

වෙලාවකට හිනා යනවා - මෙහෙම මිනිස්සු


ටයි පොල්ලෙන් - බෙන්ස් එකෙන්

ටැටු එකෙන් - කලර් එකෙන්

මිනිස්සුන්ට සහතික දෙන - අමුතු මිනිස්සු

නිදානයක නිදන් ඉන්න - අරුම මිනිස්සු

නිදානයක නිදන් ඉන්න - අරුම මිනිස්සු


සල්ලි පාවේ - ඈත යාවේ

හීන පාරේ - බිඳිලා යාවේ

සල්ලි පාවේ - ඈත යාවේ

හීන පාරේ - බිඳිලා යාවේ


රයිස් කොත්තු උඩ නැගගෙන

කොක් බෝතලෙන් සැනහෙන

බෙහෙත් පෙත්තෙ සයිඩ් ඉෆෙක්ට්

හොයන මිනිස්සු...

දුකත් හිතෙනවා අපි ගැන - මෙහෙම මිනිස්සු

දුකත් හිතෙනවා අපි ගැන - මෙහෙම මිනිස්සු


හොඳම කඩෙන් රෙදි ඇඳගෙන

හොඳම කොලිටි බඩු අරගෙන

හොඳම හොරුන් දියවන්නා

යවපු මිනිස්සු...

ඊට පස්සේ රට ඉවරයි - කියන මිනිස්සු

ඊට පස්සේ රට ඉවරයි - කියන මිනිස්සු

අනේ මන්දා අපිනම් මහ පුදුම මිනිස්සු

මුතු ඇටයේ ඉපදුණු අපි - අමුතු මිනිස්සු

මුතු ඇටයේ ඉපදුණු අපි - අමුතු මිනිස්සු බොලව්


ගීතයේ කතාව -

  • ගායනය - හෂේන් දුලංජන
  • තනුව - හෂේන් දුලංජන
  • වචන - අනීශා ජයකොඩි
  • සංගීතය - හෂේන් දුලංජන
  • ගිටාර් වාදනය - රොහාන් රන්වල
  • සංගීත සංස්කරණය - හෂේන් දුලංජන

නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments