මහ වැස්සක් බිමට හලා - Maha wassak bimata hala

මහ වැස්සක් බිමට හලා - Maha Wassak Bimata Hala


මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ 
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න‍ෙ

විරසක සුසුම්... මහගෙයි පුරා ඇසෙන්නේ

කවුලුදොරින් ගෙට එන, නිදිනැති අටවක සඳ
තනියහනේ සරදම් රටා වියන්නේ

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ

ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න‍ෙ

විස කටු ඇනී... ආතුර වූ සිතට ඔබේ

ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න
ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න

ප්‍රේමයේ ඉහලම ඵලය විවාහයයි. ප්‍රේමයෙන් තොර විවාහ මෙන්ම, විවාහයෙන් තොර ප්‍රේමයද ලොව පවතී. මේ කුමන ආකාරයේ විවාහයක් උවද සිත් තැවුල්, විරසක නිතර ඇති වෙනවා. නමුත් දෙන්නා දෙමාල්න්ට ඒ විරසක වැඩි වෙලාවක් පවත්වාගෙන යන්න බැහැ. එක්කෝ බිරිද නැත්නම් ස්වාමියා විරසකට සාමදාන වන තැනට කටයුකු කරනවා  / කල යුතුයි.

මෙහි ඊට මුල් වන්නේ ස්වාමියයි. හැමදාම දකින සඳට වඩා වර්ශාවට පසුව ඇති සඳ පුදුමාකාර ආකර්ශණීයයි, ලස්සනයි. ඇත්තෙන්ම ඔබත් ඒ සඳ වගෙයි, පුදුමාකාර ආකර්ශණීයයි, ලස්සනයි. තම වරද පිළිගනිමින් තම ආදරියගේ උනුසුම පතයි.
පද රචනය : සුනිල් දයානන්ද කෝනාර - Sunil Dayananda Konara
තනු නිර්මාණය : සුනිල් දයානන්ද කෝනාර - Sunil Dayananda Konara
ගායනය : සුනිල් එදිිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -

නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments

Post a Comment