කුරහන් යායේ සඳ උදුරාගෙන - Kurahan Yaye Sanda uduragena

කුරහන් යායේ සඳ උදුරාගෙන  - Kurahan Yaye Sanda uduragena


කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් ගලනා වේලේ 
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ 

එදා වගේ සැදෑ අදුර
වැව් බැම්මෙන් ගලා ඇවිත් 
උණ පදුරේ සෙවන සදනවා
කීව කතා රහසේ යලි සිතට නැගෙනවා 

කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් ගලනා වේලේ 
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ 

මගේ පැලේ හිනැහීගෙන
සිටිනා ලෙස නුබේ රුවින් 
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුබේ නාමෙන් දෑස තෙමෙනවා 

කුරහන් යායේ සඳ උදුරාගෙන
සිතට දුකක් ගලනා වේලේ 
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ 
 
ගීතයේ කතාව
පද රචනය : කුලරත්න ආරියවංශ
තනු නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ටී ඇම් ජයරත්න
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments

  1. මේ ගීතයට කතාවක් නද්ද ? කොහොම උනත් දැන් ඕන තරම් සිංදුවල අර්ථය පැහැදිලි කරන යුටියුබ් චැනෙල් වෙබ් එහම තියනව.ඒ නිසා හොද චිත්‍රපටයක්,නාට්‍යක් වගේ විචාරන්න පුලුවන්නම් වටිනවා.අහ සමහර සින්දුඅර්ථය තියනව මට තවම හොයාගන්න බැරි.

    ReplyDelete

Post a Comment