ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ - Akasaye Dura Gimhana Iwre

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ - Akasaye Dura Gimhana Iwre


ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ

නන්නාඳුනන මේ රන් තාරකාවෙන්
වළා යහන රන්වන් වෙලා
ඔබේ නුහුරු ගීයෙන්
සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යෞවනේ

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ

මං මුලා කතරේ කෙම් බිමක්‌දෝ මේ
දිලී නිලන තුරු වැල් අරා
නිදා නො ඉඳ ඉන්නම්
නියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ


ගීතයේ කතාව
පද රචනය : නම
තනු නිර්මාණය : කසුන් කල්හාර
ගායනය : ශෂිකා නිසංසලා
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments