තණ්හා ආශා ඔලගු කරේ ලා - Thanha Asha Olugu kare la

තණ්හා ආශා ඔලගු කරේ ලා - Thanha Asha Olugu kare la


තණ්හා ආශා 
තණ්හා ආශා ඔලගු කරේ ලා
මග තොට නොබලා - වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැළවී
වියළී යනවා ගහකොල මැළවී
මල් හට ගන්නා වසන්තයම නෑ
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා අප යන මේ ගමනේ
තණ්හා ආශා

අඳුරෙන් ගැලවි එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ අප හැම වල්මත් වී
තණ්හා ආශා

සැපත විනෝදේ උපත කදුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා නැත උන් වෙන් වන්නේ

තණ්හා ආශා ඔලගු කරේ ලා
මග තොට නොබලා - වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා
තණ්හා ආශා
තණ්හා ආශා

-
පද රචනය : මඩවල එස්. රත්නායක
තනු නිර්මාණය : ලයනල් අල්ගම
ගායනය : පණ්ඩිත් අමරදේව
වෙනත් : පටාචාරා චිත්‍රපටයෙනි
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments