රෝස කුසුමක් පිපී - Rosa Kusumak Pipi

රෝස කුසුමක් පිපී - Rosa Kusumak Pipi


රෝස කුසුමක් පිපී - නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන් - රෝස කුසුමක් පිපී

මා අවදි කර යහනින් - ඔබ එබී හිනැහී කවුළුවෙන්
මා අවදි කර යහනින් - ඔබ එබී හිනැහී කවුළුවෙන්
කියා රහසක් සැලෙන දෙතොලින් - නොනැඟෙනා වදනින්
නොහැ‍ඟෙනා අරුතින්

රෝස කුසුමක් පිපී - නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන් - රෝස කුසුමක් පිපී

ඔබේ සුවඳ ලද මොහොතින් - සිත වෙලා සිටි ඒ ආදරෙන්
ඔබේ සුවඳ ලද මොහොතින් - සිත වෙලා සිටි ඒ ආදරෙන්
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින් - වසා මුව දෝතින්

රෝස කුසුමක් පිපී - නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන් - රෝස කුසුමක් පිපී


-
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments