නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ - Nim Therak Nodutu me Lokaye

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ - රුදු සපුන් නිබඳ සරනා බිමේ

ඔබේ සිනා වත මගේ නවාතැන - අරුණු විහිදුවාවී ජීවිතයේ

රැල් නගා ගලන ගංගා දියේ - මං වසා දමනු හැකිදෝ කෙසේ

සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ - සදා සැඟව යාවී සාගරයේ

සිල් බිඳී මුවන් කැලඹූ වනේ -  බිම නොලා නෙළූ පල මාවතේ

සදා ඔබේ ගිම් බෙදාගනිම් මම් - තැවුල් සැඟව යාවී මාරුතයේ

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ - රුදු සපුන් නිබඳ සරනා බිමේ

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ - රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන - අරුණු විහිදුවාවී ජීවිතයේ

-
පද රචනය : බන්දුල නානායක්කාරවසම් - Bandula Nanayakkarawasam 
තනු නිර්මාණය : රෝහණ වීරසිංහ - Rohana Weerasinghe
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments