පිනිබර යාමේ සැවුලන් අඬලනවා - Pinibara Yame Sawlan adalanawa

පිනිබර යාමේ සැවුලන් අඬලනවා - Pinibara Yame Sawlan adalanawa


පිනිබර යාමේ සැවුලන් අඬලනවා
අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

පුතුනේ අකුරට යන්න පමාවී - ගුරු සිත රිදිලා වේවැල අඬවාවී
පුතුනේ අකුරට යන්න පමාවී - ගුරු සිත රිදිලා වේවැල අඬවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදා
දුක්වේවී අම්මා

පිනිබර යාමේ සැවුලන් අඬලනවා
අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

වේල දෙවේලේ කුසගිනි නොබලා - කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා
වේල දෙවේලේ කුසගිනි නොබලා - කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා
කලට රුවන් වැසි වස්සන තාලේ සිල්ප උගත් දා
නුඹ සක්විති වෙනවා

පිනිබර යාමේ සැවුලන් අඬලනවා
අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා


ගීතයේ කතාව
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනු නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments