එපා යළි හමුවන්න - Epa Yali Hamuwanna

එපා යළි හමුවන්න  - Epa Yali Hamuwanna 


එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ


ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

-
පද රචනය : ඩිෂාන් නානායක්කාර - Dilshan Nanayakkara
තනු නිර්මාණය : කරුණාරත්න විජේවර්ධන - Karunarathna Wijewardana
ගායනය : සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe
වෙනත් : -
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.

Comments

  1. හරිම ලස්සන ගීයක්. හදවතට කා වැදෙන ගීතයක් කීවොත් තමා හරි. ස්තූතියි!

    ReplyDelete
  2. ප්‍රතිචාරය සදහා බොහොම ස්තූතියි!!

    ReplyDelete

Post a Comment