ගඟ තවම ගලයි - Gaga thawama galai
ගඟ තවම ගලයි - ගං දෑල නිසසලව බලා හිඳියි
ඔබ ගඟක් වගෙයි - සිත් දෑලවරින් ඈතටම ඇදෙයි
මහ වැස්ස වැටී ගඟ දිය කැළඹෙයි - ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි
ගඟ ඔහොම තමයි - එකතැන නොරැඳෙයි
ඔය හදේ රැඳුනු ආදරය වගෙයි
කඳු යාය නිලෙන් නිල් අහස වසයි - ගං දියෙන් වැසී හිත තවම බරයි
කඳු පෙළ නිසලයි - කිසිදා නොසැලෙයි
මා ඔබට පිදූ ආදරය වගෙයි
ගඟ තවම ගලයි - ගං දෑල නිසසලව බලා හිඳියි
ඔබ ගඟක් වගෙයි - සිත් දෑලවරින් ඈතටම ඇදෙයි
කඳු යාය නිලෙන් නිල් අහස වසයි - ගං දියෙන් වැසී හිත තවම බරයි
කඳු පෙළ නිසලයි - කිසිදා නොසැලෙයි
මා ඔබට පිදූ ආදරය වගෙයි
ගඟ තවම ගලයි - ගං දෑල නිසසලව බලා හිඳියි
ඔබ ගඟක් වගෙයි - සිත් දෑලවරින් ඈතටම ඇදෙයි
-
| පද රචනය | : | රංජිත් රූපසිංහ - Ranjith Rupasinghe |
| තනු නිර්මාණය | : | නාලක අංජන කුමාර - Nalaka Anjana Kumara |
| ගායනය | : | සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe |
| වෙනත් | : | - |
Comments
Post a Comment