මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - Mage amal biso dora harinnepa
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ - උඹ මූදුකරේ තනියෙන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - හොඳ පරිස්සමෙන් ඉඳපන්

යස ඉසුරු අරන් සුදු මහත්තුරුන් - ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලන් - උඹ නොදැක්කා සේ ඉඳපන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ - උඹ මූදුකරේ තනියෙන්
ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන් - ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් - උඹ හෝදිසියෙන් ඉඳපන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ - උඹ මූදුකරේ තනියෙන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා - හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ - උඹ මූදුකරේ තනියෙන්
ගීතයේ කතාව
| පද රචනය | : | බණ්ඩාර ඇහැළියගොඩ - Bandara Eheliyagoda |
| තනු නිර්මාණය | : | රෝහණ වීරසිංහ - Rohana Weerasinghe |
| ගායනය | : | සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe |
| වෙනත් | : | - |
Comments
Post a Comment