නුඹේ සිතට පුන්සඳ පායලා වගේ - Nube Sithata Punsada Payala Wage
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුණා මුවග අගේ
දෙපෝදාට අහසේ තරු රෑන වගේ
ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
නළල් තලට මුතු තැලි පට කිමද දඟේ
අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ළතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
සැනසිල්ලට දුරු රටකට යමුද නගේ
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
-
පද රචනය | : | සුනිල් ආර්. ගමගේ - Sunil R. Gamage |
තනු නිර්මාණය | : | රෝහණ වීරසිංහ - Rohana Weerasinghe |
ගායනය | : | සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe |
වෙනත් | : | - |
Comments
Post a Comment