රජෙකු වුණත් ගිලන් වෙලා - Rajek unath gilan wela

ගීතයේ තේමාව - Title Of the Song


ගායක - රජෙකු වුණත් ගිලන් වෙලා
පිරිස - රජෙකු වුණත් ගිලන් වෙලා
ගායක - එක්තැන් වුණ දා
             කියනවාට සැකයක් නෑ 
පිරිස - සැකයක් නෑ
ගායක - නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා 
පිරිස - නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා 

ගායක - ඉසුරු සමඟ හාද වෙලා 
පිරිස - ඉසුරු සමඟ හාද වෙලා
ගායක - නොසතුට ආ දා
             දැනෙනවාට සැකයක් නෑ 
පිරිස - සැකයක් නෑ
ගායක - සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා
පිරිස - සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

ගායක - බැරිවුණදා නෑදෑයන් 
පිරිස - බැරිවුණදා නෑදෑයන්
ගායක - අතහැර ගිය දා
             හිතෙනවාට සැකයක් නෑ
පිරිස - සැකයක් නෑ
ගායක - විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා
පිරිස - විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා 
 
ගීතයේ කතාව
පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
තනු නිර්මාණය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
වෙනත් : නම
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments