බැස සීතල ගඟුලේ - Basa Seethala Gagule

ගීතයේ තේමාව - Title Of the Song


පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ 
පිරිමි - හඳපානේ 
කාන්තා - හඳපානේ
පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ 

කාන්තා - සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි 
සීතල ජලය අගෙයි ගත සිත පිනයි පිනයි 
පොඩි පොඩි රැලිද නගී රාසි රාසි පෙළ ගැසී ගැසී
පොඩි පොඩි රැලිද නගී රාසි රාසි පෙළ ගැසී ගැසී

පිරිමි - හඳපානේ 
කාන්තා - හඳපානේ
පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ 

පිරිමි - සමනල කන්ද පෙනේ කදිමට හඳ එලියේ 
සමනල කන්ද පෙනේ කදිමට හඳ එලියේ 
හනිකට බසිමු නගෝ නාමු නාමු ගිළෙමින ජලයේ 
හනිකට බසිමු නගෝ නාමු නාමු ගිළෙමින ජලයේ 

පිරිමි - හඳපානේ 
කාන්තා - හඳපානේ
පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ 

කාන්තා - මානෙල් ඕලු නෙළුම් පිපිලා යසයි යසයි 
මානෙල් ඕලු නෙළුම් පිපිලා යසයි යසයි 
නෙළමින පීනමුකෝ ප්‍රීති ප්‍රීති වෙමින බෝ ලෙසේ 
නෙළමින පීනමුකෝ ප්‍රීති ප්‍රීති වෙමින බෝ ලෙසේ 

පිරිමි - හඳපානේ 
කාන්තා - හඳපානේ
පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ 

පිරිමි - ජලයේ ගිළී මෙසේ පිරිසිදු වෙමුකො නගෝ 
ජලයේ ගිළී මෙසේ පිරිසිදු වෙමුකො නගෝ 
අළුයම වඳින ලෙසින සාදු සාදු ඒ මුනි සිරිපා 
අළුයම වඳින ලෙසින සාදු සාදු ඒ මුනි සිරිපා 

පිරිමි - හඳපානේ 
කාන්තා - හඳපානේ
පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ 

කාන්තා - නෙළමින මේ කුසුමන් සිරිපා වඳිමු බැතින් 
නෙළමින මේ කුසුමන් සිරිපා වඳිමු බැතින් 
එ සමන් දෙවි පිහිටෙන් යාමු යාමු අපි හිමිදිරියේ 
එ සමන් දෙවි පිහිටෙන් යාමු යාමු අපි හිමිදිරියේ 

පිරිමි - හඳපානේ 
කාන්තා - හඳපානේ
පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ 

පිරිමි - හිඳිමු ද මෙහිම නගෝ පොඩි පැල්පතක් තනා 
හිඳිමු ද මෙහිම නගෝ පොඩි පැල්පතක් තනා 
හැමදා වඳිනට හැක සාදු සාදු ඒ මුනි සිරිපා 
හැමදා වඳිනට හැක සාදු සාදු ඒ මුනි සිරිපා 

පිරිමි - හඳපානේ 
කාන්තා - හඳපානේ
පිරිමි - බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ

-
පද රචනය : ආනන්ද සමරකෝන්
තනු නිර්මාණය : ආනන්ද සමරකෝන්
ගායනය : විශාරද නන්දා මාලිනී සමඟ සුනිල් එදිරිසිංහ 
වෙනත් : යුග ගී, ගුවන්විදුලි සරළ ගී
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments