මේ මැයි ගහ යට දවසක් දා - Me mai gaha yata Dawasak Daa

මේ මැයි ගහ යට දවසක් දා - Me mai gaha yata Dawasak Daa


මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපී පීපී
අපට සෙවන දුන්නා
අපට සෙවන දුන්නා

මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමනයි
මැයි ගස් සෙවණේ අදුරු පෙතේ
මැයි ගස් සෙවණේ අදුරු පෙතේ

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රත් කැට වාගේ මැයි මල් පිපී පීපී
අපට සෙවන දුන්නා
අපට සෙවන දුන්නා
අපට සෙවන දුන්නා
අපට සෙවන දුන්නා


රචකයාගේ ජීවන අත්දැකීමක් ඇසුරින් ලියැවුනු ගීයකි. බේස්ලයින් මාර්ගයේ මවුන්ට්මේරී ප්‍රෙද්ශයේ පිහිටි එම මැයි මාර ගස පෙර කල ඔහු ඇසුරු කළ පෙම්වතියක මුනගැසුනු ස්ථානයක් මෙන්ම මල් පිරුණ ඒ ගස ඔහුගේ මතකයේ නොමැකෙන සටහනක් තැබූ සිදුවීමකි.

පද රචනය : අජන්තා රණසිංහ
තනු නිර්මාණය : මිල්රෝයි ධර්මරත්න
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
වෙනත් :
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.



Comments