සිරිසරු සාර කෙතේ - Sirisarusara Kethe

සිරිසරු සාර කෙතේ - Sirisarusara Kethe 


පිරිමි - සිරිසරු සාර කෙතේ 
ගොයම් පැසීලා මහිමේ
සිරිසරු සාර කෙතේ 
ගොයම් පැසීලා මහිමේ

කාන්තා - පිසගෙන එන සුළඟේ 
කරල් නැමී නැමී දිලේ
පිසගෙන එන සුළඟේ 
කරල් නැමී නැමී දිලේ

දෙදෙනාම - හා හා ඇසේ ඇසේ
හා හා ඇසේ ඇසේ
හා හා ඇසේ ඇසේ
හා හා ඇසේ ඇසේ

දෙදෙනාම - ගොවි දන තුති නද දී 
කපති ගොයම් තොසේ තොසේ
කාන්තා - ගොවි දන තුති නද දී 
කපති ගොයම් තොසේ තොසේ

පිරිමි - යමු යමු හනික නගෝ 
අපිද ගොයම් කපන ලෙසේ
යමු යමු හනික නගෝ 
අපිද ගොයම් කපන ලෙසේ

පිරිමි - හිමිදිරියේ
හිමිදිරියේ

දෙදෙනාම - හිමිදිරි සිරිය ළඟා වේ
හිමිදිරි සිරිය ළඟා වේ

පිරිමි - පාමින තුටු කොමළ සිනා
දිනරද අඹරේ නැගෙනා
පාමින තුටු කොමළ සිනා
දිනරද අඹරේ නැගෙනා

කාන්තා - කොවුලන්ගේ හඬ ඇසෙනා 
ලක් මව සැනසෙයි තුටිනා
කොවුලන්ගේ හඬ ඇසෙනා 
ලක් මව සැනසෙයි තුටිනා

පිරිමි - හිමිදිරියේ
හිමිදිරියේ

දෙදෙනාම - හිමිදිරි සිරිය ළඟා වේ
හිමිදිරි සිරිය ළඟා වේ

පිරිමි - සිරිසරු සාර කෙතේ 
ගොයම් පැසීලා මහිමේ
සිරිසරු සාර කෙතේ 
ගොයම් පැසීලා මහිමේ

කාන්තා - පිසගෙන එන සුළඟේ 
කරල් නැමී නැමී දිලේ
පිසගෙන එන සුළඟේ 
කරල් නැමී නැමී දිලේ

පිරිමි - සිරිසරු සාර කෙතේ

-
පද රචනය : ආනන්ද සමරකෝන්
තනු නිර්මාණය : නම
ගායනය : නම
වෙනත් : යුග ගීත, ගොයම් කැපීම, ගුවන් විදුලි සරළ ගී
නිවැරදි විය යුතු හෝ එකතු විය යුතු දෙයක් ඇත්නම් කරුණාකර comment කරන්න.


Comments